Loading...
HarmonyOS එක ලැබෙන Huawei සහ Honor ජංගම දුරකතන 42ක් පිළිබඳ Huawei Central වෙබ් අඩවිය ඔස්සේ හෙලි කෙරේ

Huawei සමාගම විසින් දෙසැම්බර් 18 වන දින තම ජංගම දුරකතන වලට HarmonyOS Beta version එක නිකුත් කිරීමට සූදානම් වන බවට තොරතුරු අපි ඔබ වෙත ගෙන ආවා. ඒ වගේම මේ  HarmonyOS එකේ පළමු Public Beta Version එක 2021 අප්‍රේල් මාසය වන විට අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් වෙන බවට තොරතුරු පල වෙනවා. ඒ වගේම Huawei Smartphoneවලින් 90%කට වැඩි ප්‍රමාණයක් සදහා HarmonyOS එක ලබා ගත හැකි වන බවත් දැක්වෙනවා.

Huawei Central වෙබ්අඩවිය විසින් මේ HarmonyOS එක ලබා දිමට නියමිත පළමු Devices List එක යැයි සැලකෙන Smartphone List එකක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. එයට අනුව Huawei හා Honor Smartphone 42ක්, Tablets 03ක් හා Smart Watches 03ක් දක්වන්න පුළුවන්. ඒ වගේම ඉදිරියේදි නිකුත් විමට නියමිත Devices ද මේ ලැයිස්තුව තුල තිබෙනවා.‌‌‌‌‌

HarmonyOS සඳහා සහය දක්වන Huawei දුරකතන:

  1. Huawei Mate 40
  2. Huawei Mate 40 Pro
  3. Huawei-Mate 40 Pro+‌
  4. Huawei Mate 40 RS Porsche Design‌‌
  5. Huawei Mate X
  6. Huawei-Mate Xs
  7. Huawei P40
  8. ‌‌Huawei P40 Pro
  9. Huawei-P40 Pro+‌‌
  10. Huawei Mate 30 4G
  11. Huawei Mate 30 Pro 4G
  12. Huawei-Mate 30 5G
  13. Huawei Mate 30 Pro 5G‌‌
  14. Huawei Mate 30 RS Porsche Design
  15. Huawei-Nova 8 (Upcoming)‌
  16. Huawei Nova 8 Pro (Upcoming)‌‌
  17. Huawei Nova 7 Pro 5G
  18. Huawei-Nova 7 5G‌‌
  19. Huawei Nova 7 SE‌‌Huawei P30‌‌
  20. Huawei-P30 Pro
  21. Huawei Mate 20‌‌
  22. Huawei Mate 20 Pro
  23. Huawei-Mate 20 X 4G
  24. Huawei Mate 20 X 5G
  25. Huawei Mate 20 RS
  26. ‌‌Huawei-Nova 6 5G‌‌
  27. Huawei Nova 6 SE

HarmonyOS සඳහා සහය දක්වන HONOR දුරකතන:

  1. Honor V40 (Upcoming)‌‌
  2. Honor 30 Pro‌‌
  3. Honor-30 Pro+
  4. ‌‌Honor V30‌‌
  5. Honor V30 Pro
  6. Honor-Play 4 Pro
  7. Honor X10 5G‌‌
  8. Honor 30
  9. ‌‌Honor-30S
  10. Honor X10 5G
  11. Honor 20 Pro
  12. Honor-20‌‌
  13. Honor 9X‌‌
  14. Honor 9X Pro

HarmonyOS සඳහා සහය දක්වන Tabs

  1. Huawei Mate Pad Pro
  2. Huawei MatePad Pro 5G
  3. Honor Tablet V6

HarmonyOS සඳහා සහය දක්වන Wearables:‌‌

  1. Huawei Watch GT 2 Pro (pre-installed – Chinese version)‌‌
  2. Huawei Watch GT 2e‌‌
  3. Huawei-Watch GT 2

ඒ වගේම මේ Device List එක පිළිබඳව තවමත් නිල තහවුරු කිරිමක් ලැබි නොමැති වෙනවා. Huawei Central වෙබ්අඩවිය දකවා ඇත්තේ මේ ලැයිස්තුව දැනට පවතින Leaks අනුව පිළියෙල කර ඇති බවයි. ඒ වගේම නිල ලැයිස්තුවේ දි තවත් Devices එකතු විම හෝ ඉවත් විම සිදු විය හැකි වෙනවා. කෙසේ වෙතත් දැනට මේ Devices List එක සදහා ඉදිරියේදි HarmonyOS ලබා දෙනු ඇතැයි බලාපොරොත්තු වෙන්න පුළුවන්.

Sources : Huawei Central