Loading...
Hashtags Comment කරා කියලා Trend වෙන්නේ නෑ;  දැනගෙන හරියට Trend කරමු

අද මේ වෙලාවේ Android වැඩකාරයෝ අපි සූදානම් වෙන්නේ මේ වෙනකොට ඔයාල trend එකක් වෙන්න කියල හිතාගෙන Facebook, Twitter වගේ social media platforms වල අනවබෝධයෙන් සිදු කරන යම් කිසි කටයුත්තක් පිළිබඳව නිවැරදි පැහැදිලි කිරීමක් සිදු කරන්න.

මේ වෙනකොට ශ්‍රී ලාංකිකය​න් හැමෝම යම්කිසි වූ එක් අරමුණකින් යුතුව එක්තරා hashtag එකක් භාවිතා කරමින් ඔවුන්​ගේ පරමාර්ථයක් ජයග්‍රහණය කිරීමෙ අරමුණෙන් මේ වෙනකොට මහ මඟ, සමාජ ජාලා වල, කාර්යාලයන්වල, පාර්ලිමේන්තුව ඉදිරිපස, සහ හැකි සෑම තැනම සටන් වදිමින් සිටිනවා. ඒ මෙරට පවතින්නා වූ දේශපාලන ක්‍රම​යේ අවසාන ගමන සහ අවසාන කාලය සනිටුහන් කරමින් ශ්‍රී ලංකාව ලොව තිබිය යුතු ඒ ශ්‍රේෂ්ඨ ස්ථානය වෙත ඔසවා තැබීමේ අරමුණි​නි.

මේ ආකාරය​ට සිදු කරගෙන යන්නා වූ මේ ක්‍රියාවලියට කිසිදු නායකයෙකු නොමැති අතර ඒ සඳහා නායකත්වය සපයා ගන්නේ ඒ ඒ කොටස් විසින් ස්වේච්ඡාවෙන්ම වීම විශේෂත්වයක් වනවා. කර්තෲ කෙනෙකුන් නැති ශ්‍රී ලංකා ඉතිහාසයේ මේ අපූරු පරිච්ඡේදය ලිවීමෙහි උපරිම සේවයක් ඉටු කරලන්නේ සමාජ ජාලයන් වීම මෙහි ඇති විශේෂත්වයක් වනවා.

ඉතින් මේ සමාජ ජාල වලදී මේ කටයුත්ත සඳහා සහභාගී වී ඇති පුද්ගලයන් විසින් සිදු කරන එක් කාර්යයක් වන්නේ ඉවක් බවක් නැතුව hash tags, එහෙමත් නැත්තම් hash tags comments ආකාරයට නිමාවක් නොමැතිව එක දිගටම පලකරගෙන යාමයි. ඇත්තටම මෙහි ඇති ප්‍රයෝජනය කුමක්ද?

ලොව මේ වන විට සමාජ ජාලා විශාල ප්‍රමාණයක් පවතින අතර මේවායෙන් ලොව පෙරළියක් සිදු කිරීමට බහුලව භාවිතා වන සමාජ ජාලාවන් දෙක ලෙස සැලකෙන්නේ Facebook, Twitter යන සමාජ ජාලාවන් දෙකයි. බොහොමයක් Twitter භාවිතා කරන්නේ microblogging platform එකක් ආකාරයටයි. එහිදී ඔබ විසින් පල කරන යම් පණිවුඩයක්, ඒ කිව්වේ Twitter පණිවුඩයක් හැදින්වෙන්නේ Tweet එකක් ලෙසිනි. එම Tweet එකකට ඔබ හෝ කුමන අයෙකු විසින් ලබා දෙන පිළිතුර හෝ ප්‍රතිචාරය හැදින්වෙන්නේ reply Tweet එකක් ලෙසිනි. ඒවා කිසිදු දිනක comment එකක් ආකාරයට ක්‍රියකරන්නේ නැත. Tweet එකක් වුවද, Reply Tweet එකක් වුවද, Quoted Tweet එකක් වුවද එය Tweet එකකි. එහිදී ඕනෑම Tweet එකක අඩංගු වන hash tag එකක් trending යන්නේ ඒ හැම එකක්ම Tweet එකක අඩංගු වන නිසාවෙනි.

නමුත්  Facebook එක මීට හාත්පසින්ම වෙනස් වන කාරණාවක්. Facebook එකේ ඇති යම් post එකකට ලබා දෙන ප්‍රතිචාරය හැදින්වෙන්නේ comment එකක් හෝ reply comment එකක් ආකාරයටයි. එය අදාල වන්නේ ඒ අදාල post එකටම පමණයි. එමෙන්ම Facebookහි hash tag භාවිතා කිරීම සහ භාවිතා වීම Twitter එකට වඩා හාත්පසින්ම වෙනස් වනවා.

Facebook තුල ඕනෑම තැනක  hash tag එකක් භාවිතා කල හැකි වුවත් ඕනෑම තැනක ඇති hash tag එකකින් ඒ hash tag එකට අදාල feed එකට ගොස් ඒ සඳහා වන Post එකවර නැරඹිය හැකි වුවද, Facebook තුල කිසිසේත්ම hash tag එකක් comments ලෙස යොදමින් එය trend කිරීමේ හැකියාවක් නොමැති අතර එසේ සිදුවන්නේද නැත. එයට හොඳම උදාහරණය, ඔවුන් විසින් භාවිතා කර​න #GoHomeGota යන hash tag එක වෙත ගියහොත් ඔබට එම feed එකේ පෙන්වන්නේ එම hash tag එකට ඇතුලත් කරමින් සිදු කරන ලද පල කිරීම් පමණි. ඔබට කිසිසේත්ම එම hashtag එක අඩංගු comments එම feed එක තුල පෙන්වන්නේ නැත. නමුත් Twitterහි hashtag එකට ගියහොත් Tweet මෙන්ම Reply Tweetද පෙන්වනු ලබනවා.

එබැවින් ඔබගේ වටිනා කාලය භාවිත කරමින් hash tags, comments ආකාරයට නොදමා, හැකිතරම් Facebook posts සමඟින් අදාල hash tags ඇතුලත් කර ඒවා Facebook තුල පලකරන මෙන් Android වැඩකාරයෝ අපි ඔබගෙන් ඉල්ලා සිටිනවා.

මේ වන විට ඉතාමත් සීග්‍රයෙන් සහ වේගයෙන් Facebook pages වලට comments විදිහට එකම අයෙකු විසින් කෙටි කාලයක් තුල එකම hashtags ඇතුලත් comments එක ලඟ එක දැමීම නිසා සහ කවදා හෝ එය නැවැතුනු පසු Facebook Algorithm එක හරහා එය unusual activity එකක් ලෙස හදුනා ගනිමින් Facebook pages සඳහා යම්කිසි panelty කාලයක් ලබාදෙනු ලබනවා. (මෙම පැනල්ටි කාලය Facebook විසින් ඔබට පනවන restriction එකක් නොව, ඔවුන් විසින් ඔවුන්ගේ algorithm එක භාවිතා කරමින් ස්වයංක්‍රීයවම ඔබගේ Facebook page එක සඳහා වන reach, engagements අඩු කරනු ඇත.) ඒ අනුව ඇතැම් විට Facebook page වල reach, engagements වැනි ඒවා සාමන්‍ය තත්වයේදී තිබුණාටත් වඩා පහලට යා හැකි වනවා. එමෙන්ම එසේ comments දමන ඔබගේ Facebook ගිණුමද unsual activities වලට හසු වූ ගිණුමක් ලෙසින් Facebook Algorithm වලින් හදුනා ගනු ලබනවා.

ඔවුන්ට මේ වේලාවේ අවශ්‍ය වන්නේද එයයි. පාලකයන්ගේ සමාජ ජාලා විශ්ලේෂකයන්ට අවශ්‍ය වන්නේද සමාජ ජාලා තුල ක්‍රියකාරීව මෙම අරගලයට සහය දක්වන ඔබ සැම ඒ ආකාරයට කූඨ අයුරින් unusual activities වලට හසු කර ඔබගේ ගිණුම තුළින් comment කිරීමේ හැකියාව තාවකාලිකව වළක්වාලීමටයි. එයට හසු නොවී අවබෝධයෙන් නිවැරදිව සමාජ මාධ්‍යන් භාවිතා කරමු. හරි දේ ඉගෙන ගනිමු. කාලය ඉතුරු කරගනිමු, ඒ කාලය ප්‍රයෝජනවත් ආකාරයට මේ අරගලයට යොදාගන්න.