Loading...
Huawei Mate 40 Pro එළිදැකීමේ event එකේදි අපිට බලාපොරොත්තු විය හැකි දේවල්

Huawei සමාගමේ Mate Series එකේ නවතම ජංගම දුරකතනය වන Mate 40 series එක සති කිහිපයක ප්‍රමාදයකින් පසුව මේ මස 22 දින එළිදැක්වීමට ඔවුන් සුදානමින් සිටින බව අපි ඔබ වෙත ගෙන ආවා. ඒ වගේම මේ Event එකේදි ඔවුන් Huawei Mate Series එක හා Huawei FreeBuds Studio Headphone එක එළිදැක්වීමට නියමිතයි.

මේ Event එකේදි නිකුත් විමට නියමිත Huawei Mate 40 Pro කියනනේ මේ වසරේ නිකුත් වෙන ආකර්ෂණීයම නිමාවකින් යුතු Device එකක් වෙන බව කියන්න පුළුවන්.

Huawei Mate 40 Pro Specs

Huawei Mate 40 Pro Device එක Silver හා Black වර්ණවලින් මිලදි ගැනිමට හැකි වනු ඇති අතර මෙය 8GB හා 12 GB RAM ධාරිතාවලින් යුතුව 256GB හා 512GB යන Storage Optionsවලින් මිලදි ගත හැකියි. ඒ වගේම මේ Device එකේ Storage එක Nano Memory Card මගින් වැඩි කර ගැනිමේ හැකියාව ලබා දි තිබෙනවා. මෙය Android 10 OS එකෙන් යුතුව EMUI 11 සමග පැමිණෙනවා.

Display

‌‌අගල් 6.76 ක Curved Display එකකින් යුතු වෙන අතර මෙහි Pixel density එක 456ppi ප්‍රමාණයකින් ද 1,344 x 2,772ක Screen Resolution එකකින් ද යුතු වෙනවා. හැබැයි දැනට පවතින තොරතුරුවලට අනුව මෙහි Display Refresh Rate එක විදිහට වාර්තා වෙන්නේ 90Hzක්.

Camera‌‌

Main Camera Setup එක 50 MP ක f/1.9ක Aperture එකක් සහිත Optical Image Stabilization Feature එකෙන් යුතු Main Lens එකකින් ද 20 MP ක f/1.8ක Aperture එකකින් යුතු Ultrawide lens එකකින් හා 12 MP ක f/3.4ක Aperture එකකින් යුතු 125mm Periscope Lens එකකින් ද යුතු වෙනවා. මේ Periscope Lens එක මගින් 5X දක්වා Optical Zooming Range එකක් ලබා ගත හැකියි.

මේ Camera Setup එකෙන් 8K දක්වා Video Recording පහසුකම හිමි වෙන අතර Dual Tone LED Flash light එකකින් හා Ambient Light Color Sensor එකකින් යුතු වෙනවා. මේ Ambient Light Color Sensor එක මගින් වඩා හොද වර්ණ විභේදනයක් ලබා ගත හැකි වෙනවා. මිට අමතරව මේ Camera Setup එකට Laser Autofocus Feature එක ලබා දිලා තිබෙනවා. හැබැයි මෙහි තියෙන විශේෂත්වය වෙන්නේ Optical Depth Sensor එකත් සමග Laser Autofocus එක එකතු කර තිබිමයි.

Selfie Cameraව විදිහට 13 MP Lens එකක් ලබා දි තිබෙනවා. මේ Lens එකකටත් Bokeh Effect ලබා දි තිබෙනවා. එමෙන්ම Hand Gestures හදුනා ගැනිමටත් මෙයට හැකි වෙනවා.

Platform

‌‌Huawei Mate 40 Pro Device එකේ OS එක වෙන්නේ EMUI 11 සංස්කරණය මත පදනම් වු Android 10 Version එක. Kirin 9000-5nm chipset එක මගින් බල ගැන්වෙනවා. ඒ වගේම මෙය 5G (sub-6 GHz) Connectivity එකෙන්ද සමන්විතයි. CPU එක විදිහට Cortex-A77 යොදා ගනු ඇත. මේ CPU එකේ Prime core එක 3.13 GHz ප්‍රමාණයේ වන අතර, 2.54 GHzකින් යුතු A77s තුනකින් හා 2.04GHzක A55 Little core තුනකින් ද සමන්විත වෙනවා. ඒ වගේම GPU එක ARM’s Mali-G78 Design එකෙන් යුතු වෙනවා.

Battery & Charging‌‌

මෙය 4,400mAh Battery Capacity එකකින් යුතු වෙනවා. මෙය 65W Wired Fast Charging Feature එකෙනුත් යුතු වෙනවා. එමෙන්ම මෙය Wireless Charging Feature එකෙනුත් යුතු වන අතර එය Reverse Charging Feature එකිනුත් සමන්විත වනු ඇත.

Huawei Mate 40 Pro+, Mate 30 Pro E‌‌

Mate 40 Pro+ Camera Setup 

මේ Event එකේදි අපිට බොහෝ දුරට Huawei Mate 40 Pro+, Mate 30 Pro E විදිහට Devices දෙකකුත් බලාපොරොත්තු වෙන්න පුළුවන්. Mate 40 Pro+ Device එකේ Octagonal Camera Setup එකක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඒ වගේම Leather Rear Panel එකකින් හා 10X Periscope Lens එකකින් යුතු වෙනු ඇතැයි බලාපොරොත්තු වෙන්න පුළුවන්. ‌‌Mate 30 Pro E කියන්නේ බොහෝ දුරට Mate 30 Pro හි Refresh Version එක කියල හිතන්න පුළුවන්.

Huawei FreeBuds Studio

‌‌Huawei සමාගමේ නවතම Headphone එක වන මෙය පිළිබඳව තවත් වැඩි විසතර නිකුත් වි නැත.

Sources : GSMarena, Android Authority