Loading...
Under display සෙල්ෆි කැමරාවක් සඳහා Huawei සමාගම විසින් පේටන්ට් බලපත්‍ර ලබා ගනී

මේ වෙන විට ලොව සැම Smart Phone සමාගමක් මෙන්ම ඔවුන්ගේ දුරකථන සදහා Under Display Camera Technology එක ලබා දිම පිළිබඳව කටයුතු සිදු කරමින් ඉන්නවා. ඒ අනුව පසුගිය කාලයේදි ලොව ප්‍රථම Under Display Camera Setup එකක් සහිත Smart Phone එක ලෙස ZTE Axon 20 5G දුරකථනය නිකුත් වුණා.

පසුගිය කාලයේ විවිධ සම්බාධක සමග මදක් පසුබැස සිටි Huawei සමාගම විසින් මේ වෙන විට Mid Range දුරකථන සදහා Under Display Camera Technology එක ලබා දිමට බලාපොරොත්තුවෙන් සිටින බවට තොරතුරු වාර්තා වෙනවා. ඒ Huawei සමාගම විසින් Under Display Selfie Camera එකක් සදහා Patent බලපත්‍ර ලබා ගැනිමත් සමගයි.

Huawei සමාගම විසින් ලබා ගත් Patent බලපත්‍රයට අනුව ඔවුන් විසින් මේ Under Display Camera Technology එකක් සමග යෝජනා කර ඇති Smart Phone එක ඔවුන්ගේ Honor X20 SE Smart Phone එකේ ආකාරය ගන්නවා. ඒ වගේම මෙය Flat Screen එකකින් සමන්විත වෙන අතර 3.5mm Headphone Jack එකත් ලබා දි තිබෙනවා. මේ සදහා Triple Rear Camera Setup එකකුත් ලබා දි තිබෙනවා.

Source : Lets go Digital, Gsm Arena