Loading...
EMUI 11 සමඟින් Huawei ආයතනය නවතම පහසුකම් කිහිපයක් ලබාදීමට කටයුතු කරයි

පසුගිය දිනක පැවැති Huawei Developer Conference එකේදි Huawei සමාගම විසින් ඔවුන්ගේ නවතම EMUI 11 හා HarmonyOS 2.0 පිළිබඳව නිවේදනය කලා. ඒ වගේම මේ Event එකේදිම ඔවුන් සදහන් කලා Huawei Devices 10 සදහා EMUI 11 Beta Version එක නිකුත් කිරිමටත් සුදානම් බව. කෙසේ වෙතත් මේ EMUI 11 Android 10 මත ලබා දිමට ඔවුන්ට සිදු වි තිබෙනවා. මීට හේතුව වි ඇත්තේ ඇමරිකා එක්සත් ජනපදය විසින් Huawei ආයතනය පැනවු තහනමයි.

EMUI 11 Version එකත් එකක් EMUIවල ඇති වී තිබෙන ප්‍රධාන වෙනස්කම් මොනව ද ?

01. New Always On Display

‌‌Huawei සමාගම විසින් ඔවුන්ගේ EMUI 10.1 සමග ඔවුන්ගේ Always On Display Feature එක ලබා දෙන්න කටයුතු කරා. නවතම EMUI 11 Version එක සමගින් Always On Display එක සදහා නව Styles කිහිපයක් හදුන්වා දි තිබෙනවා. ඒ අනුව දැන් මේ සදහා දැන් Image එකක්, Video එකක් හෝ GIF එකක් අපිට තොරගන්න අවස්ථාව ලබා දි තිබෙනවා.

‌‌Gallery App එකට ලබා දි තියෙන අලුත් Features විදිහට Picture/Videos දින හා මාස විදිහට වර්ග කරල පෙන්විමටත්, Album Tab එකේ Aspect Ratio එක 4:3 ප්‍රමාණයට වෙනස් කිරිමත්, Photos Sort කිරිමෙ හැකියාව ලබා දි තිබිමත් දක්වන්න පුළුවන්.

03.Live Icons

‌‌EMUI 11 Version එකත් සමග Phone, Huawei Music, Huawei Notepad වගේ System Appsවලට Live Icon Feature එක ලබා දිලා තියෙනවා. ඉදිරියේ තවත් Apps විශාල ප්‍රමාණයකට මේ Live Icon Feature එක ලබා දෙයි කියල බලාපොරොත්තු වෙන්න පුළුවන්.

04.Smart Multi-Window

‌‌මේ Smart Multi Window Feature එක මගින් අපිට පුළුවන්  Floating Appsවල Window එක අපිට අවශ්‍ය ප්‍රමාණයෙන් Resize කරල Use කරන්න. ඒ වගේම මේ Floating Apps අතර මාරැ වෙන්න ඒ Apps ලේසියෙන් හොයා ගන්න පුළුවන් වෙන්න පොඩි Dock එකකට හේ Apps සියල්ල අඩංගු කරල තිබෙනවා.

05. Multi-Screen Collaboration 3.0

‌‌මේ Multi-Screen Collaboration 3.0 මගින් දැන් අපිට පුළුවන් අපේ Device එක Computer එකත් සමග Connect කල පසු Apps 03 ක් දක්වා එක වර විවෘත කරන්න. ඒ වගේම Phone එකේ Camera එක Webcam එකක් විදිහට භාවිත කරල Calls ගැනිමේ හැකියාවත් පවතිනවා. මේ අලුත් Version එක මගින් පරිඝණකයේ තිබෙන Document අපේ Device එකෙන් කිසිම ගැටලුවක් නැතිව Edit කිරිමේ හැකියාවත් ලබා දිලා තිබෙනවා.

06. Privacy & Security

‌‌මේ EMUI 11 Version එකත් සමග අපේ Device එකේ Camera, Microphone හෝ GPS පාවිච්චි වෙනව නම් ඒ බව Status Bar එක මගින් අපිට Notify කරනවා.

ඒ වගේම Gallery App එකට හා Huawei Note App එකට Albums හා Notes Hidden කිරිමේ හැකියාව ලබා දි තිබෙනවා.

EMUI 11 Beta Version එක මොන Devices සදහා දැනට ලබා දෙන්නේ ?

  1. HUAWEI P4
  2. HUAWEI P40 Pro
  3. HUAWEI P40 Pro+
  4. HUAWEI Mate 30‌‌
  5. HUAWEI Mate 30 5G‌‌
  6. HUAWEI Mate 30 Pro
  7. HUAWEI Mate 30 Pro 5G
  8. PORSCHE DESIGN HUAWEI Mate 30 RS‌‌
  9. HUAWEI MatePad Pro
  10. HUAWEI MatePad Pro 5G

මේ Devices 10ට අමතරව ඉදිරියේදි Huawei Honor 30 & V30 Series සදහාත් Nova 7 Series එක සදහාත් EMUI 11 Beta ලබා දිමට කටයුතු කරනු ඇති. කෙසේ වෙතත් තවමත් Huawei සමාගම විසින් ඔවුන්ගේ EMUI 11 සදහා Stable Version එකක් ලබා දෙන දිනයක් සදහන් කර නැ.

Sources : Gizmochina