Loading...
ඉන්දියාව ඇතුලු රටවල් 26 කට Spotify Real Time Lyrics Support පහසුකම හිමිවෙයි.

ඉතින් අපි හැමෝම දන්න දෙයක් තමා Spotify කියන්නෙ ලෝකයේ ඇති ප්‍රසිද්ධ ම music streaming service එකක් කියලා. ඉතින් මේ Spotify විසින් markets 26 කට Real-time lyrics support එක ලබාදෙන්න යනවා. ඉතින් මේ facility එකත් එක්ක ඒ ඒ රටවල ඉන්න users ලට ඒගොල්ලන් ගෙ music එක්ක real time lyrics sync වෙනවා.

ඉතින් මේ feature එක ලබාදෙන්න Spotify ලා Musixmatch එක්ක partner වෙලා තියෙනවා. ඉතින් මේක ඔවුන් test කරන්න පටන් අරන් තියෙන්නෙ පසුගිය නොවැම්බර් මාසේ ඉදලයි. ඉතින් මේ feature එකත් එක්කusers ලට සින්දුව අහන ගමන් ඒකෙ lyrics අහන්න ඉඩකඩ ලැබෙනවා. ඒ අගේම මේ lyrics present වෙන්නේ සින්දුවේ language එකෙන්ම වීමත් විශේෂත්වයක්. Now playing screen එකේ යට තියෙන ‘Lyrics’ කියන button එක tap කරාට පස්සෙ user ට මෙ feature එක access කරන්න පුලුවන්.

Real time lyrics support එක ලැබෙන රටවල්.

  • Argentina
  • Brazil
  • Colombia
  • Chile
  • Mexico
  • Peru
  • Bolivia
  • Costa Rica
  • Dominican Republic
  • Ecuador
  • Guatemala
  • Honduras
  • India
  • Nicaragua
  • Panama
  • Paraguay
  • El Salvador
  • Uruguay
  • Vietnam
  • Philippines
  • Indonesia
  • Malaysia
  • Thailand
  • Taiwan
  • Singapore
  • Hong Kong

Spotify ලට අනුව, මේ feature එක අද දිනය (ජූනි 30) ඇතුලත දී users ලට ලැබෙනවා. දැනට Spotify platform එක රටවල් 79 ක ක්‍රියාත්මක වෙනවා. Real time lyrics support එක රටවල් 27 ක ක්‍රියාත්මක වෙනවා. ඒත් List එකේ තියෙන්නෙ රටවල් 26 යි නේ? ඔව් ඒත් ඊට කලින් ජපානයට මේ facility එක ලැබුනා. අනෙකුත් රටවලටත් මේ facility එක ඉක්මනින් ලැබේවි කියලා බලාපොරොත්තු වෙන්න පුලුවන්. ඉතින් මේ එන ඔයාගෙ අදහස මොකක්ද? Comment section එක විවෘතයි.