Loading...
iPhone 14හි Emergency Satellite SOS පහසුකම, ඇල​ස්කාවේදී අතරමං වූවෙ​කු මුදවා ගැනීමට මඟ පෙන්වයි

Apple සමාගමේ iPhone 14 Series එක සදහා හදිසි අවස්ථාවලදී සන්නිවේදන සදහා Satellite Connectivity එක හරහා Emergency SOS පහසුකම ලබා දුන් බව ඔබ මේ වන විටත් දන්නවා. මෙම Satellite Connectivity එක හරහා ක්‍රියාත්මක වන Emergency SOS පහසුකම හරහා පසුගිය දිනක ඇලස්කාවේදි සාර්ථකව භාවිත වු බවට වාර්තා වනවා.

වාර්තා වන තොරතුරුවලට අනුව ඇලස්කා ජාතිකයා අලුයම 2ට පමණ SnowMobile (හිම වාහයක්) හරහා ගමන් කරමින් සිටින අතර හදිසියේ මාර්ගය වැරදි අතරමං වි තිබෙනවා. මොහු සිටින ප්‍රදේශයට දුරකථන සංඥා නොමැති වි තිබෙන අතර ඔහු විසින් Emergency Satellite SOS පහසුකම ඔස්සේ හදිස්සි අනතුරු ඇගවිමක් පළ කර තිබෙනවා.

ඒ අනුව ඔහු විසින් අනතුරු ඇගවිම සමග එවන ලද ඛණ්ඩංක වෙත ස්වෙච්ඡා මුදා ගැනිමේ සේවකයින් හතර දෙනෙකු පිටත් වි ගොස් ඇති අතර එම ඇලස්කා ජාතිකයාව ඔවුන් විසින් සොයා ගෙන ඇති අතර ඔහුගේ ගමනාන්තය දක්වා ඔහුව පිටත් කර තිබෙනවා.

කෙසේ වෙතත් Apple සමාගම දක්වා ඇති ආකාරයට ඔවුන්ගේ මේ Emergency Satellite SOS පහසුකම අංශක 62ට වැඩි අක්ෂාංශවල ක්‍රියාත්මක නොකරන බව දක්වා තිබුණත් ඔහු විසින් මෙලෙස Emergency Satellite SOS පහසුකම භාවිත කර තිබෙන ස්ථානය දළ වශයෙන් අංශක 66ක අක්ෂාංශයක පිහිටා තිබෙනවා. එනම් Apple සමාගම දක්වා තිබෙන, මම Emergency Satellite SOS පහසුකම ක්‍රියාත්මක වන පරා⁣සයෙන් පිටතයි.

මෙම Emergency Satellite SOS පහසුකම සෑම iPhone 14 Series පාරිභෝගිකයෙකුටම වසර දෙකක් සදහා නොමිලයේ ලබා ගත හැකි වනවා. කෙසේ වෙතත් තවමත් මෙම වසර දෙක ඉකුත් විමෙන් පසුව මෙම පහසුකම ලඉා දීම සදහා මුදල් අය කරන ආකාරයක් හෝ මිල ගණන් පිළිබඳ කිසිදු ප්‍රකාශයක් Apple සමාගම විසින් සිදු කර නොමැති වනවා.

Apple සමාගමේ iPhone 14 Series එකට අමතරව මේ වන විට Huawei Mate 50 Series එක සදහාද Satellite Communication පහසුකම ලබා දී තිබෙන අතර Samsung සමාගම විසින් ඉදිරියේදි නිකුත් කිරිමට නියමිත ඔවුන්ගේ Galaxy S23 Series එක සදහාත් මේ පහසුකම ලබා දීමට බලාපොරොත්තු වන බව මීට පෙර වාර්තා වුවා.

Sources: www.macrumors.com www.androidauthority.com