Loading...
RDMNS නව සංස්කරණය හරහා “ප්‍රවේශ” වෙතින් දුම්රිය ප්‍රවේශ පත් මිල දී ගැනීමේ පහසුකම ලබා දේ

ශ්‍රී ලංකාවේ ප්‍රථම සජීවි දුම්රිය සිතියම් විශේෂාංගය, සජීවි සහ සවිස්තරාත්මක දුම්රිය කාලසටහන සහ තවත් දුම්රියේ ගමන් ගන්නා මගීන් සඳහාම වෙන්වු සුවිශේෂි පහසුකම් රැසකින් සපිරි RDMNS.LK App එක පිළිබඳව නොදන්නා අයෙකු නොමැති බව නිසකයි.

එමෙන්ම පසුගිය දිනක ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තුමේන්තුව විසින් හඳුන්වා දුන් සාමාන්‍ය මගී දුම්රිය ප්‍රවේශ පත්‍ර මාර්ගගතව මිලදී ගැනිමේ පහුකම “ප්‍රවේශ” පිළිබඳවත් ඔබ වෙත අප තොරතුරු වාර්තා කරනු ලැබුවා.

දුම්රිය මගීන්ට දුම්රිය පිළිබඳව සියලු තොරතුරු එකම තැනකින් ලබා ගත හැකි RDMNS.LK App එක ඔස්සේම සෘජුව ප්‍රවේශ වෙත පිවිසිමේ හැකියාව නවතම සංස්කරණයක් ඔස්සේ ලබා දීමට RDMNS කණ්ඩායම කටයුතු කර තිබෙනවා.

In app Screenshot

මේ වන විට Android, Apple සහ Huawei Smartphones භාවිත කරන සියලු දෙනාට ලබා ගත හැකි පරිදි මෙම සංස්කරණය නිකුත් කර තිබෙනවා.


තවමත් ඔබ මේ App එකේ නවතම සංස්කරණය සඳහා යාවත්කාලීන කරන නොමැති නම් හෝ App එක ලබා ගෙන නොමැති නම් මේ ඔස්සේ Android, Apple සහ Huawei Smartphones සඳහා පහසුවෙන් Download කර ගත හැකි වනවා.