Loading...
ටෙලිග්‍රෑම් නිර්මාතෘ පවේල් ඩූරොව් අත්අඩංගුවට ගත් හේතුව හෙළි වේ

ලොව ප්‍රකට සමාජ මාධ්‍ය ජාලයක් වන ටෙලිග්‍රෑම් හී නිර්මාතෘ පවේල් ඩූරොව් පසුගිය දිනක ප්‍රංශ පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇති බව ඔබ දැනටමත් දන්නවා ඇති.

BBC පුවත් සේවය සදහන් කරන පරිදි අත්අඩංගුවට ගැනීම සිදු වී ඇත්තේ ඔහු තම පෞද්ගලික ජෙට් යානයෙන් ප්‍රංශයේ Le Bourget ගුවන් තොටුපලට පැමිණි අවස්තාවේදීය.

ඔහුව අත්අඩංගුවට ගැනීමට හේතුව ලෙස සදහන් කර ඇත්තේ ටෙලිග්‍රෑම් සමාජ මාධ්‍ය තුළ පරිශීලකයන් විසින් පවත්ගෙන යනවායැයි කියන නීති විරෝධී ව්‍යාපාර, නීති විරෝධී අසභ්‍ය දර්ශන හුවමාරු කිරීම් ආදියට එරෙහිව ටෙලිග්‍රෑම් ආයතනය නිසි ක්‍රියාමාර්ග නොගන්නා බවයි. කෙසේ වෙතත් මේ වෙන තෙක් ප්‍රංශ පොලීසිය හෝ ටෙලිග්‍රෑම් ආයතනය මගින් මේ පිළිබදව කිසිදු ප්‍රතිචාරයක් දක්වා නැත.

මේ වන විටත් ඩූරෝව්ට සහය දක්වමින් #FREEDUROV හෑශ් ටැගය භාවිතා කරමින් ලොව පුරා විරෝධතා විවිධ සමාජ මාධ්‍ය ජාලා තුළ හට ගෙන ඇත.

එමෙන්ම ඊලෝන් මස්ක්, ඇන්ඩෲ ටේට්, රොබර්ට් F. කෙනඩි Jr, ටකර් කාර්ල්සන් වැනි ලොව ප්‍රකට පුද්ගලයන් කිහිප දෙනෙක්ම තම සමාජ මාධ්‍ය ගිනුම් වල පවේල් ඩූරෝව්ට තම සහය පළ කර ඇත.


ඩූරෝව අත්අඩංගුවට ගැනීමත් සමග Ton Coin හී වටිනාකමද 15% කින් පහළ බැස ඇත.

Source: bbc.com cnn.com