Loading...
"ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සන්නිවේදන කුළුණ" ලෙස සැලකෙ​න කොළඹ නෙළුම් කුළුණ බදු දීමට තීරණය කරයි

මීට පෙර ජනපතිගේ පාලනයේ තිබූ කොළඹ නෙළුම් කුළුණ එයින් ඉවත් කර තාක්ෂණ හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශය වෙත පසුගිය දින පවරනු ලැබුවා. නෙළුම් කුළුණෙහි Base එකෙහි සහ Tower House යන ස්ථානයන් බදු හෝ කුලී පදනම මත ලබා දීමට තීරණය කර ඇති බව නෙළුම් කුළුණ කළමනාකරණ සමාගම මීට දින කිහිපයකට පෙර නිවේදනය කළා.

ඒ අනුව නෙළුම් කුළුණෙ හි base නම් කොටසෙහි,

  • බිම් මහලෙහි පිහිටි අලෙවිසැලක්, භෝජනාගාර 3ක්
  • 1 වන මහලෙහි පිහිටි Digital Banking Area 5ක්, E-Sport Platform එකක් , Coffee shops 3ක්, Innovation Centers 3ක්, 7D Film Hall එකක් සහ Digital Museum එකක්
  • 2 වන මහලෙහි පිහිටි උත්සව ශාලාවක් හෝ ප්‍රදර්ශන කලාපයක් සහ රැස්වීම් ශාලාවක්
  • Roof Top එකෙහි භෝජන ශාලා සහ අවන්හල් 5 ක්

නෙළුම් කුළුණෙ හි Tower House නම් කොටසෙහි, (3 වන මහලේ සිට 6 වන මහල දක්වා)

  • 3 වන හා 4 වන මහලේ උත්සව ශාලා හා අවන්හල් 1 බැගින්
  • 5 වන මහලෙහි පිහිටි කැරකෙන අවන්හල
  • 6 වන මහලෙහි පිහිටි සුඛෝපභෝගී කාමර 6 ක්

බදු හෝ කුලී පදනම මත ලබා දීමට තීරණය කර තිබෙනවා.

සම්පූර්ණ රජය සතු සමාගමක් වන කොළඹ නෙළුම් කුළුණ කළමනාකරණ සමාගම, ඉහත සඳහන් කළ ස්ථාන බදු දීම හෝ කුලියට ගැනීම සඳහා උනන්දුවක් දක්වන පුද්ගලයින්ට හා සමාගම්වලට ඇරයුම් කර සිටීනවා. මේ සඳහා කැමැත්ත ප්‍රකාශ කිරීමේ ඉදිරිපත් කිරීම් 2022 ජූනි 30 දින සවස 3ට අවසන් වන බව කොළඹ නෙළුම් කුළුණ කළමනාකරණ සමාගම නිවේදනය කර තිබෙනවා.

මීටර 350 ක උසකින් යුතු කොළඹ අගනුවර මධ්‍යයේ පිහිටා තිබෙන මෙම කුළුණ ප්‍රධාන සංචාරක මධ්‍යස්ථානයක් ලෙස විවෘත වන විට විශාල විදේශීය සහ දේශීය සංචාරකයන් ආකර්ෂණය කර ගැනීමට අපේක්ෂා කරන ආකාරයේ සුවිශේෂී අංගයක් වනු ඇති බවට කොළඹ නෙළුම් කුළුණ කළමනාකරණ පුද්ගලික සමාගම වැඩිදුරටත් සඳහන් කරනවා.

Source: Adaderana Biz Sinhala