Samsung Electronicsහි උප සභාපති සහ සම ප්‍රධාන විධායක නිලධාරී වන Han Jong-hee මහතා පසුගිය අඟහරුවාදා දින (වයස අවුරුදු 63) අභාවප්‍රාප්ත වී ඇත. වාර්තාවලට අනුව, උප සභාපති Han ඔහුගේ දියණියගේ විවාහ උත්සවයට සහභාගී වී විවේක ගනිමින් සිටියදී ඇති වූ හදිසි හෘදයාබාධයක් හේතුවෙන් මිය ගොස් ඇත.
1962 දී උපත ලද Han Jong-hee, රූපවාහිනී සංවර්ධන විශේෂඥයෙකු වූ අතරම Samsung සමාගමේ රූපවාහිනී ව්‍යාපාරය වසර 19 ක් ලෝකයේ ප්‍රථම ස්ථානයේ තබා ගැනීමට නායකත්වය දුන් ප්‍රධාන චරිතයක් විදිහට දක්වන්න පුලුවන්.
ඔහු Cheonan High School සහ Inha University මගින් ඉලෙක්ට්‍රොනික ඉංජිනේරු අංශයෙන් උපාධිය ලබා, 1988 දී Samsung Video ව්‍යාපාර අංශයේ සංවර්ධන කණ්ඩායමට එක් වූ අතර, LCD රූපවාහිනී පර්යේෂණාගාර ප්‍රධානියා, සංවර්ධන කණ්ඩායම් නායකයා සහ නිෂ්පාදන සංවර්ධන කණ්ඩායම් නායකයා ලෙස තනතුරු දැරීය. 2017 දී ඔහු Visual Display Business හි සභාපති බවට පත් විය.
2021 අග භාගයේ උප සභාපති තනතුරට උසස් වීමෙන් පසු, ඔහු උපාංග අත්දැකීම් (Device Experience, DX) අංශයේ භාරකාරිත්වය භාර ගත් අතර, ව්‍යාපාරය පාලනය කරමින් විශ්ෂ්ඨ කළමනාකරණ හැකියාවන් පෙන්වීය.
උප සභාපති Han Jong-hee රූපවාහිනී, ගෘහ උපකරණ සහ Smartphone ඇතුළු විවිධ නිෂ්පාදන ක්ෂේත්‍රවල තාක්ෂණික නවෝත්පාදනයන්ට නායකත්වය දුන් අතර, දකුණු කොරියාවේ සහ ලොව පුරා ඉලෙක්ට්‍රොනික කර්මාන්තයේ සංවර්ධනයට ඉමහත් දායකත්වයක් දැක්වීය.
Source: edition.cnn.com