Loading...
Galaxy S23 Series එක සදහා Satellite Connectivity පහසුකම අහිමි වේද ?

Samsung සමාගමේ අතිශය ජනප්‍රියත්වයට පත් වි තිබෙන Flagship Smart Phone Series එකක් වන Galaxy S එකේ නවතම දුරකථන මාදිලි පෙළ පසුගිය දිනක නිල වශයෙන් එළිදැක්විම ඔවුන් කටයුතු කරනු ලැබුවා. කෙසේ වෙතත් මේ වන විට Galaxy S23 Series එක සදහා ලැබි ඇති ප්‍රතිචාර එතරම් සිත් ගන්නා මට්ටමක පවතින්නේ නැත.

Galaxy S23 Ultra

ඔබට මතක ඇති අප මීට පෙර තොරතුරු ගෙන ආවා Samsung සමාගම විසින් ඔවුන්ගේ නවතම Galaxy S23 Series එකත් සමග Satellite Connectivity එක ලබා දිමට සුදානමින් සිටන බවට තොරතුරු වාර්තා වන බවට. ඒ වගේම පසුගිය දිනක Qualcomm සමාගම විසින් නිවේදනය කළ Snapdragon Satellite නම් Two Way Satellite Messaging Service එකත් සමගින් අප සියල්ල බලාපොරොත්තු වු ලෙසින් Galaxy S23 Series එක සදහා Satellite Connectivity එක ලැබෙනු ඇතැයි වඩාත් තහවුරු වුවා. ඒ මේ Service එක Snapdragon සමාගම විසින් ඔවුන්ගේ නවතම Qualcomm Snapdragon 8 Gen 2 Chipset එක මගින් බලගැන්වෙන Smart Phones සදහා සහාය දක්වන බව ප්‍රකාශයට පත් කිරීමත් සමගිනුයි.

Snapdragon Satellite with Iridium Satellite Communication Company

කෙසේ වෙතත් Galaxy S23 Series එකේ නිල එළිදැක්විමේදී මේ Satellite Connectivity පහසුකම ගැන කිසිදු සදහනක් Samsung සමාගම විසින් සිදු නොකිරීම සැමගේම විමතියට කරැණක් වුවා. ඒ Android OS එකේ ප්‍රතිවාදී තරගකරු වන Apple iPhone සදහා මේ පහසුකම ලබා දී තිබෙන මෙන්ම මේ වෙන විට මේ පහසුකම මගින් මිනිස් ජිවිත බේරා ගැනිමට ද හැකියාව ලැබි තිබීම නිසයි.

Emergency SOS Feature in iPhone 14 Series

කෙසේ වෙතත් Galaxy S23 Series එකේ එළිදැක්විමට පසුව Samsung සමාගමේ Samsung’s Mobile Experience Business හි ප්‍රධානී TM Roh මහතා විසින් CNET සමග පැවති සාකච්ඡාවකදී පවසා තිබුණේ තම සමාගම විසින් මේ පිළිබඳ ඉතා උනන්දු වන අතරම, මෙය තම පාරිභෝගිකයන්ට ලබා දීම සදහා මේ වන විටත් කටයුතු කරමින් සිටින බවයි. නමුත් තවමත් මෙහි ක්‍රියාකාරිත්වයන් සීමා සහිත බැවින් එය ලබා දිමට තවමත් ඉක්මනින් වැඩි බවයි.

Satellite connectivity is not the end-all or be-all solution to ensure peace of mind among users.
-TM Roh, Samsung-

තවදුරටත් මේ පිළිබඳව අදහස් දැක්වමින් ඔහු පවසා සිටියේ නියමිත වේලාවට යටිතල පහසුකම් හා තාක්ෂණය සුදානම් වු විට තම පාරිභෝගිකයන් සදහා මෙම පහසුකම ලබා දිමට සුදානම් බවයි.

Samsung සමාගම විසින් ඔවුන්ගේ ප්‍රධානතම Smart Phones Series එක සදහා මෙලෙස Satellite Connectivity එක ලබා දිමේ අවස්ථාව තිබියදීත් ලබා නොදිම යම් විමතිය දක්වන කරැණක් ද වනවා. මන්ද මේ Series එක බලගැන්වෙන Snapdragons 8 Gen 2 Chipset එක ඔස්සේ Satellite Connectivity එක ලබා දිමට Qualcomm සමාගම විසින්ම පහසුකම් සපයා තිබිමයි.

කෙසේ වෙතත් Samsung සමාගම මෙලෙසින් ප්‍රකාශ කළද Snapdragon 8 Gen 2 Chipset එක මේ Satellite Connectivity පහසුකම ලබා දීමේ හැකියාවෙන් යුතු වුව ද Qualcomm සමාගම දක්වන පරිදි එම Chipset එක මගින් බලගැන්වෙන Smart Phones මගින් මේ Satellite Connectivity පහසුකම ලබා ගැනිමට විශේෂ Hardware පහසුකම් එහි නිෂ්පාදකයා විසින්ම ලබා දී තිබිය යුතු වනවා. ඒවා දුරස්ථව Smart Phones සදහා ලබා දෙන Software Update එකක් මගින් ලබා දිය නොහැකි වනවා.

Image - wccftech

Samsung සමාගම විසින් Galaxy S23 Series එක නිකුත් කිරිමේදි Satellite Connectivity එක පිළිබඳ කිසිදු ප්‍රකාශයක් සිදු නොකරන ලද්දේ බොහෝ විට Galaxy S23 Series එක මේ පහසුකම ලබා දිම සදහා හැකි වන ලෙස එහි Hardware නිර්මාණය කර නොමැති නිසා විය හැකි බව දක්වන්න පුලුවන්. එමෙන්ම ඔබට මතක ඇති මීට පෙර අප ඔබ වෙත වාර්තා කළ Snapdragon Satellite පහසුකම පිළිබඳව ලිපියේ ද Qualcomm සමාගම විසින් දක්වා තිබුණේ ඔවුන් විසින් ද මේ පහසුකම මේ වසර දෙවන කාර්තුවේදී හදුන්වා දීමට නියමිත බවයි. ඒ අනුව බොහෝ විට මේ සදහා නියත වශයෙන් Galaxy S23 Series එක සහාය දක්වනු නොලබන අතර ඉදිරියේදි නිකුත් විමට නියමිත Galaxy Z Fold 5 හෝ Galaxy Z Flip 5 මේ Satellite Connectivity එකත් සමගින් නිකුත් වනු ඇතැයි බලාපොරොත්තු වෙන්න පුලුවන්.

මෙලෙස Galaxy S23 Series එක සදහා බලාපොරොත්තු නොවු ලෙස Satellite Connectivity පහසුකම අහිමි වි යාම කෙසේ වේවි ද? එන්න අපේ Forum එකට මේ ගැන කතා කරන්න.

Sources: CNET Android Authority