Loading...
Android දුරකතන සඳහා Satellite Connectivity එක ලබා දෙන Snapdragon Satellite පහසුකම එලිදක්ව​යි

Apple සමාගම විසින් ඔවුන්ගේ iPhone 14 Series එක සමගින් Emergency Satellite Connectivity පහසුකම ඔවුන්ගේ පාරිභෝගිකයන් සදහා හදුන්වා දීමට කටයුතු කළ අතර තවමත් කිසිදු Android Smart Phones නිෂ්පාදන සමාගමකට මෙම පහසුකම ඔවුන්ගේ Android Devices හරහා ලබා දීමට නොහැකි වී තිබෙනවා. ඔබට මතක ඇති මීට පෙර ලිපියක් මගින් ඔබව දැනුම්වත් කරනු ලැබුවා Samsung සමාගම විසින් ඔවුන්ගේ Galaxy S23 Series එකත් සමග මේ Satellite Connectivity එක ලබා දීම සදහා සුදානමින් සිටින බවට තොරතුරු වාර්තා වන බව.

කෙසේ වෙතත් Qualcomm සමාගම විසින් Next Generation Premium Android Smart Phones සදහා අඩංගු වන Snapdragon Satellite නම් නව Two-way Satellite Messaging Service එකක් පිළිබඳව නිවේදනය කර තිබෙනවා.

මේ සදහා Qualcomm සමාගම විසින් Global Satellite Communications Company එකක් වන Iridium සමාගම සමගින් එක් වි තිබෙන අතර මෙම සමාගම Apple සමාගම විසින් ඔවුන්ගේ Emergency Satellite SOS පහසුකම සැපයිම සදහා හවුල්කාරීත්වයට එළඹ තිබෙන සමාගමේ ප්‍රධාන තරගකරු ද වනවා.

Snapdragon Satellite ඔස්සේ ඔවුන් ගෝලීය වශයෙන් මෙම සේවාව ඕනෑම ස්ථානයට ලබා දීමට සුදානමින් සිටින අතර මේ Two-way Messaging Service එක Emergency භාවිත සදහා, SMS Texting සදහා මෙන්ම වෙනත් Messaging Applications සදහාත් භාවිත කිරිමේ හැකියාව ලැබෙනු ඇත.

මේ Snapdragon Satellite සදහා Snapdragon 8 Gen 2 Chipset එක මගින් බලගැන්වෙන Android Smart Phones සහාය දක්වනු ලබන අතර මේ වසර දෙවන කාර්තුවෙන් පසු තෝරා ගත් ප්‍රදේශ සදහා නිල වශයෙන්ම මේ සේවාව එම Smart Phones සමගින් ලබා ගත හැකි වනු ඇත.

එමෙන්ම මෙම Snapdragon Satellite සේවාව Smart Phones සදහා පමණක් සීමා නොවන අතර Laptops, Tablets, Cars සහ IoT Products සදහාත් ලබා ගත හැකි වනු ඇතැයි ඔවුන් දක්වා තිබෙනවා. නිකුත් වු පසු මෙය 5G Non-Terrestrial Networks (NTN) සදහා සහාය දක්වනු ලබනවා.

Sources: Qualcomm GSM Arena