Loading...
Spotify විසින් Open AI සමඟ Podcast Translate පහසුකමක් ලබා දීමට සැරසෙයි

ඔබ Podcast ඇසීමට ප්‍රිය කරන අයෙක් නම් ඔබ හොද හැටි දන්නා කරුණක් තමයි බොහෝ Podcast නිෂ්පාදකයින් තම Podcast පටිගත කර මුදා හරිනුයේ ඉංග්‍රීසි භාෂාවෙන් වන බව. කෙසේ නමුත් ඔබගේ මව් භාෂාව ඉංග්‍රීසි භාෂාව නොවන විට එය තේරුම් ගැනීම ඔබට යම් ගැටලුකාරී තත්වයක් වනු ලබනවා.

ඉතින් මේ ගැටළුවට පිළිතුරක් දෙන්න නවීන AI තාක්ෂණය සමඟින් Spotify සමාගම සුදානමින් සිටිනවා. මේ වන විට Language translation AI models විශාල ප්‍රමාණයක් නිපදවා ඇති අතර අප දන්නා ප්‍රධානම Audio streaming platform එකක් වන Spotify ද AI භාවිතයෙන් ඔවුන්ගේ Podcast ඕනෑම භාෂාවකට Translate කිරීමේ හැකියාව ලබා දීමට මේ වන විට සූදානමින් සිටිනවා.

මෙම Translate කිරීම සදහා Open AI හි voice generation තාක්ෂණය යොදා ගන්නා බව Spotify ආයතනය මේ වන විට ප්කාශයට පත් කර ඇති අතර අතර එහිදී AI භාවිතා කරන නිසාවෙන් Translated podcastවල හඩෙහි යම් කෘතිම බවක් තිබිය හැකි බව ඔවුන් වැඩි දුරටත් දක්වා තිබෙනවා. මේ වන විට Open AI මගින් ස්පාඤ්ඤ භාෂාවට Podcast translate කිරීමේ පහසුකම ලබා දී ඇති අතර ඉදිරියේදී ප්‍රංශ සහ ජර්මානු භාෂාවන් සදහා ද එය වැඩි දියුණු කරන බව දන්වා තිබෙනවා.

image source - Spotify

එසේම එම Podcast translate කිරීමේ කටයුතු සදහා Monica Padman, Bill Simmons මෙන්ම Dax Shepard යන Podcast නිෂ්පාදකවරුන් Spotify සමග අත්වැල් බැදගනිමින් සිටින බවටත් මේ වන විට වාර්තා වී තිබෙනවා.

තව දුරටත් Spotify විසින් ප්‍රකාශ කරන්නේ AI මගින් හඩකැවීම කිසිසේත්ම සාමාන්‍ය හඬ කැවීමක් ලෙස නොකරන අතර එය පෞද්ගලික මෙන්ම ස්වභාවික ලෙස සිදු කරන බවයි. බොහෝ Podcast රසවිදින්නන් සොයන්නේ එහි තුල ඇතුලත් අන්තර්ගතය මෙන්ම එය ඉදිරිපත් කරන්නාගේ හොද පෞර්ෂයත් වීම මෙම තීරණයට හේතු වී තිබෙනවා.

මෙම Podcast translate පහසුකම නිකුත් කිරීමේ දිනයක් පිළිබදව තවමත් ප්‍රකාශයට පත් කර නොමැති අතර Spotify පවසන්නේ මෙම Translate පහසුකම මගින් නිෂ්පාදකයා සහ ශ්‍රාවකයා අතර තිබෙන සම්බන්ධතාවය තවත් තියුණු කල හැකිබවයි. කෙසේ වෙතත් මේ වන විට නැගී එන AI තාක්ෂණය මගින් සූදානම් වන නවතම Spotify අත්දැකීම අප සැමට නුදුරේදීම අත් විදිය හැකි වේ යැයි විශ්වාස කළ හැකියි.

Source: spotify androidpolice