Loading...
Starlink වෙතින් 100Mbps පැකේජයක් හඳුන්වා දෙයි; ඉදිරියේදී ශ්‍රී ලංකාවටත් ලැබෙන ලකුණු !?

නව තාක්ෂණයේ අරුණලු සමඟ පසුගිය වසරේදී ශ්‍රී ලංකාව සඳහා නිල වශයෙන්ම ලෝකය පුරා අන්තර්ජාල සේවාවේ විප්ලවයක් සිදු කළ ‘Starlink’ සේවාව සක්‍රිය වුවා. විශේෂයෙන්ම, මෙතෙක් නිසි අන්තර්ජාල පහසුකම් නොලද ග්‍රාමීය සහ දුෂ්කර ප්‍රදේශවල ජනතාවට අධිවේගී අන්තර්ජාලයේ දොරටු විවර කිරීමට Starlink සමත් වූ බව කිව යුතුමයි. කෙසේ වෙතත් දේශීය අන්තර්ජාල සේවා සපයන සමාගම්වල පවතින ගැටලු නිසා ග්‍රාමීය සහ දුෂ්කර ප්‍රදේශවල පුද්ගලයින් පමණක් නොව නගරබද පුද්ගලයින්ද මේ වන විට Starlink භාවිත කිරිම බහුලව දක්නට ලැබෙනවා.

මේ වන විට ලංකාව සඳහා හදුන්වා දී ඇති Residential සහ Residential Lite පැකේජයන් දෙක වන අතර මින් Residential පැකේජය ඔස්සේ 135-305 Mbps දක්වා වූ Downlod Speed එකකුත් 20-40 Mbps දක්වා වූ Upload Speed එකකුත් ද Residential Lite පැකේජය ඔස්සේ 80-200 Mbps දක්වා වූ Downlod Speed එකකුත් 15-35 Mbps දක්වා වූ Upload Speed එකකුත් ලබා ගත හැකියි. Residential පැකේජය රු.15000.00 මිලකටත් Residential පැකේජය රු.9200.00 මිලකටත් ලබා ගත හැකියි.

කෙසේ වෙතත් අන්තර්ජාල සේවා සපයන සමාගම්වල පවතින ගැටලු නිසා බැට කමින් සිටින සියලු දෙනා සඳහාම ඉහත පැකේජයන් සුදුසු නොවන්නේ එම පැකේජයන්හි මිල සියලු දෙනා හට දැරිය නොහැකි වන නිසායි. සමාජ මාද්‍යන් තුළ ද රු.4000-6000.00 පමණ මිලකට වේගයට අඩු කර හෝ Stralink පැකේජයක් හඳුන්වා දිය හැකි නම් එය බොහෝ දෙනා සඳහා යොග්‍යවනු ඇති බවටත් මත පළ වන බව අප සියලු දෙනාට දැක ගැනීමට පුලුවන්.


මේ වන විට Stralink නිල වෙබ් අඩවියේ දක්වා ඇත්තේ Residential Max , Residential 200 Mbps සහ Residential 100 Mbps ලෙස නව පැකේජයන් දැනට ඇමරිකාව, ඕස්ට්‍රේලියාව, කැනඩාව සහ නවසීලන්තය සඳහා හඳුන්වා දී ඇති බවයි. කෙසේ වෙතත් මෙම රටවල් හැර අනෙක් රටවල් සඳහා තවමත් ලබා දී ඇත්තේ Residential සහ Residential Lite පැකේජයන් වනවා.

ඒ අනුව Residential සහ Residential Lite පැකේජයන් දෙක වෙනුවට Residential Max, Residential 200 Mbps සහ Residential 100 Mbps ලෙසින් පැකේජයන් හදුන්වා දී ඇති අතර ඩොලර් 50ක මිලට දැන් 100 Mbps වලින් යුතු Residential 100 Mbps පැකේජය ලබා ගත හැකි වනවා. තවද Residential 200 Mbps පැකේජය ඔස්සේ ඩොලර් 80ක මිලට දැන් 200 Mbps වලින් යුතුව අන්තර්ජාලය භාවිත කළ හැකි වනවා.


මේ අනුව බොහෝ විට ඉදිරියෙදී ශ්‍රී ලංකාව සහ අනෙක් රටවල් සදහාත් දැනට හඳුන්වා දී ඇති Residential සහ Residential Lite පැකේජයන් වෙනුවට මේ පැකේජයන් තුන හඳුන්වා දිය හැකි වන අතර බොහෝ දෙනා බලපොරොත්තුවෙන් සිටින ලෙස අඩු මිල Starlink අන්තර්ජාල පැකේජයක් ලෙස Residential 100 Mbps ලැබෙනු ඇතැයි බලපොරොත්තු වන්න පුලුවන්.

Pricing Plans 2026

Stralink Internet Service Pricing Plans

Plan Category Older Pricing New Pricing Notes
Full Residential $120 per month Residential MAX – $120 per month Same base price, but MAX has some added hardware perks and no speed cap.
Lite Residential $80 per month Residential 200 Mbps – $80 per month Same price level, now with explicit max speed of ~200 Mbps.
Lower Tier - Residential 100 Mbps – $50 per month New lowest home internet tier with capped 100 Mbps speeds, unlimited data.

මේ අනුව දැනට රු.9200.00 මිලට අප සඳහා හදුන්වා දී ඇති Residential Lite පැකේජයට වඩා අඩු මිලකට, එනම් රු.6000-7000.00 පමණ මාසික ගාස්තුවකට මේ Residential 100 Mbps පැකේජය ලැබෙනු ඇතැයි බලපොරොත්තු වන්න පුලුවන්.


කෙසේ වෙතත් තවමත් මේ පැකේජයන් ලංකාවට හදුන්වා දීමක් ගැන කිසිදු නිල තොරතුරක් Stralink සමාගම විසින් ප්‍රකාශයට පත් කර නොමැති අතර මේ පිළිබන්දව සමාජ මාද්‍යන් තුළ පලවන තොරතුරු සහ අපගේ පුරෝකතන අනුව මෙම ලිපිය සකසා ඇත.

Source: starlink.com