Loading...
COVID-19 නිසා ඇනහිටි සුහුරුලිය කාන්තා ව්‍යවසායකත්ව පුහුණු වැඩසටහන අන්තර්ජාලය ඔස්සේ යලි අරඹයි

ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) සහ කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක සුහුරුලිය ව්‍යාපෘතිය යටතේ මෙය ක්‍රියාවට නංවා ඇති අතර එහි ප්‍රධානතම අරමුණ වන්නේ ව්‍යවසායිකාවන් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය භාවිත කිරීමෙන් ඔවුන්ගේ හැකියාවන්ගෙන් උපරිම ප්‍රතිලාභ ලබාගැනීම සඳහා අවශ්‍ය අවස්ථා නිර්මාණය කිරීම මෙහි අරමුණයි.

මෙම ව්‍යවසායිකාවන් සවිබල ගැන්වීමේ පුහුණු වැඩමුළු දිවයිනේ දිස්ත්‍රික්ක මට්ටමින් සිදුකෙරෙන අතර, මේ වනවිට ලංකාවේ දිස්ත්‍රික්ක කීපයකම මෙම වැඩමුළු පවත්වා ඇත.

මෙහිදී සමාජ මාධ්‍ය ඔස්සේ සිය ව්‍යාපාර ප්‍රවර්ධනය කරගැනීම සඳහා ව්‍යවසායිකාවන්ට ෆේස්බුක් පිටුවක්ද  නිර්මාණය කර දෙන අතර, වැඩමුළුව සාර්ථකව අවසන් කරන ඔවුන් සඳහා කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේ අනුමැතිය යටතේ සහතික පතක්ද නිකුත් කෙරෙන බව නියෝජිතායතනය පවසයි.

මෙම පුහුණු වැඩමුළුවෙන් පසු  පුහුණුලාභී ව්‍යවසායිකාවන්ට තොරතුරු තාක්ෂණය වඩාත් ඵලදායී ලෙස තම ව්‍යාපාර සාර්ථකත්වය සඳහා යොදාගන්නා ආකාරය පිළිබඳ අවශ්‍ය දැනුම ලබාදීම කාන්තා සංවර්ධන නිලධාරීන් විසින් සිදුකරන අතර, ඒ සඳහා වන මඟපෙන්වීම අදාල නියෝජිතායතන මගින් සිදු කරනු ලබයි.

හදිස්සියේම පැමිණි COVID-19 වලින් බාධා පැමිණියත්, කොවිඩ් 19 වසංගතය හමුවේ නැවත නැඟීසිටීමට විශේෂයෙන් මෙරට කාන්තාවන් සවිබල ගැන්වීමට "සුහුරුලිය" වැඩසටහන යටතේ පියවර ගෙන තිබේ.

ඒ අනුව සුහුරුලිය සාමාජිකාවන්ට ව්‍යවසායකත්ව පුහුණුව අන්තර්ජාලය online ඔස්සේ ලබා දීම ආරම්භ කර තිබේ. ඩිජිටල් තාක්ෂණය සහ සමාජ මාධ්‍ය ඵලදායී ලෙස යොදා ගනිමින් නිසි වෙළෙදපොළක් සොයාගැනීම පිළිබඳව මෙහිදී ව්‍යවසායකයින්ට පුහුණුව ලබා දෙනු ඇති. මෙම පළමු අන්තර්ජාල පුහුණු වැඩමුළුව ගාල්ල දිස්ත්‍රික්කයේ ව්‍යවසායකයින්ගේ සහභාගිත්වයෙන් නොබෝදා ආරම්භ කෙරුනු අතර ෆේස්බුක් ආයතනයේ සහාය ද ඊට ලැබිණි.