Loading...
intel i-Seriesවල අවසානය සහ අලුත්ම intel Ultra series එක

intel සමාගම විසින් ඉදිරියේදි ඔවුන්ගේ i Series එක වෙනුවට Ultra Series නමින් නව Series එකක් හදුන්වා දීමට නියමිත බවට පැතිරුණු කටකතා යතාර්තයක් බවට පත්ව තිබෙනවා. ඒ අනුව මේ වසර අවසානයේ intel CPU Version දෙකකින් නිකුත් කිරීමට සූදානම් බව intel සමාගම නිල වශයෙන් දැනුම් දී තිබෙනවා. එනම් intel Core සහ intel Ultra ලෙස වෙලඳපොළට පැමිණීමට නියමිත මෙම CPU, Meteor Lake Architecture මත ගොඩනැගුනු CPU වේ.

image source - cnet.com

Core i5, i7 සහ i9 ලෙස පැවති CPU "i" ඉවත් කර Core 5, 7, 9 ලෙස පැමිණීමට නියමිතව ඇත. එමෙන්ම intel සමාගම ඔවුන්ගේ K-series එක Ultra ලෙස Rename කර වෙලඳපොළට නිකුත් කිරීමට සූදානම් බවක් ද පෙනී යනවා. මන්ද යත් මෙම Ultra series එක Intel Core 5 Ultra, Core 7 Ultra සහ Core 9 Ultra ලෙස නිකුත් කිරීමට සූදානම් අතර intel Core 3 සඳහා Ultra version එකක් සඳහන් කර නොමැත. බොහෝ විට මෙම Ultra version එක CPUවල වැඩි වෙන cores, performance ඉස්මතු කර පෙන්වීමට යොදා ගැනීමට නියමිතව ඇත. කෙසේ නමුත් නුදුරේදි පැමිණීමට නියමිත intel 14th gen CPUවල intel Core සහ Ultra Series එක දැක බලා ගැනීමට හැකිවනු ඇත.

Sources: techpowerup.com beebom.comCover Image Source: The Verge