Loading...
තහනමින් පසු TikTok සමාගම ඉන්දියාවට සිය පළමු ප්‍රතිචාරය දක්වයි

ඊයේ දිනයේ (ජූනි 29) ඉන්දියාවේ ඉතාමත් ප්‍රචලිත වන app එකක් වන TikTok appඑක ඉන්දියානු රජය විසින් තහනම් කරනු ලැබුවා. ඒ තවත් Chinese applications 58 ක් සමගින්. ඉතින් පැය 24ක් ගත වෙන්නත් කලින් TikTok India විසින් මේ තහනමට ප්‍රතිචාර දක්වා තිබෙනවා. මාධ්‍ය වෙත ප්‍රකාශයක් නිකුත් කරමින් TikTok India හි ප්‍රධානී වන Nikhil Gandhi මහතා කියා සිටියේ ඉන්දීය රජයේ interim order එකත් එක්ක comply වීමේ ක්රියාවලිය තුල සිටින බවයි.

"පරිශීලකයින් ගේ රහස්‍යභාවය කෙරෙහි අපි ඉහලම වැදගත්කමක් ලබා දෙනවා."

“මේ සම්බන්ධව අපගේ අදහස් සහ පැහැදිලි කිරීම් සඳහා රජයේ පාර්ශවයන් විසින් අපිට අවස්ථාවක් ලබා දී තිබෙනවා. ඒ වගේම TikTok විසින් පරිශීලක දත්ත සුරක්ෂිතභාවය සම්බන්ධයෙන් ඉන්දියානු නීතිය යටතේ ඇති සියලු නීතී හා රෙගුලාසි වලට යටත් ව කටයුතු කරනු ලබනවා වගේම කිසිම විටකදී අපගේ පරිශීලක දත්ත සහ තොරතුර චීන රජය ද ඇතුලු ව වෙන කිසිම රජයකට ලබා දී නෑ.”

ඒ වගේම ඔවුන් සඳහන් සඳහන් කලේ පරිශීලකයින් ගේ රහස්‍යභාවය කෙරෙහි ඉහලම වැදගත්කමක් ඔවුන් විසින් ලබා දෙන බවටයි.

තව දුරටත් ඔවුන් කියා සිටියේ අන්තර්ජාලය democratize කරමින් TikTok platform එක මිලියන ගණනක users ලා, artists ලා, story-tellers ලා, educators ලා සහ performers ලා සමග ඉන්දියානු භාෂා 14 කින් සමන්විත කිරීමට ඔවුන් කටයුතු කර ඇති බවත්, ඉන් බොහෝමයක් පලමු වතාවට අන්තර්ජාලය භාවිතා කරන users ලා බවයි. කෙසේ වෙතත් මේ වෙද්දි Apple's App Store සහ Google Play Store එකෙන් අයින් කරලයි තියෙන්නේ.

"ඉතාමත් ගැඹුරු සහ ඉක්මන් අවධානය යොමු විය යුතු කාරණයක්.”

ඉතින් මේ අනපේක්ෂිත විදිහට සිදු වුන තහනමට ප්‍රධාන වශයෙන් ම හේතු උනේ ඉන්දීය හමුදා සහ චීන හමුදා අතර ඇතිවූ දේශ සීමා ගැටුමයි.

මේ හේතුවෙන් තහනම් උන අනෙකුත් apps අතර WeChat, Helo, Likee, CamScanner, Vigo Video, Mi Video Call Xiaomi, Clash of Kings වගේ ප්‍රධාන පෙලේ apps වගේම Club Factory සහ Shein වගේ e-commerce platforms පවා ඒ අතර වෙනවා.

ඉන්දීය තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශය ප්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කලේ Android සහ iOS platforms වල ඇති සමහර apps සිය user data misuse කරමින් users ලගෙ data සොරකම් කොට ඉන්දියාවෙන් පිටත ඇති servers වලට unauthorized ආකාරයෙන් transmit කිරීම සම්බන්ධයෙන් විවිධ මූලාශ්‍ර ඔස්සේ පැමිණිලි ලැබුණු බවයි. ඒ වගේම මෙය ඉතාමත් ගැඹුරු සහ ඉක්මන් අවධානය යොමු විය යුතු කාරණයක් විදිහට ඔවුන් පෙන්වා දී තිබෙනවා.

"The compilation of these data, its mining and profiling by elements hostile to national security and defense of India, which ultimately impinges upon the sovereignty and integrity of India, is a matter of very deep and immediate concern which requires emergency measures"

ඉතින් මේ වෙනකොට මේ applications අවහිර කරන්නට සියලුම mobile phone companies සඳහා formal order එකක් ඉන්දියානු රජය විසින් නිකුත් කරලා තියෙනවා. තව දුරටත් සිය ප්‍රකාශයේ සඳහන් කරමින් ඉන්දීය තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශය පවසන්නේ මෙම පියවර ඉන්දියානු mobile සහ internet users ලගෙ ආරක්ෂාව තහවුරු කරනු ඇති බවයි.