Loading...
පරිගණකයේ වේගය වැඩි කරන Disk Defragmentation කියන්නේ මොකක්ද?

මුලින්ම කියන්න ඔනේ මේ කතාව අදාල වෙන්නේ Hard Disk Drive (HDD)වලට විතරයි. තව විශේෂ දෙයක් තියෙනවා කවදාවත් SSD එකක් නම් Defragmentation කරන්න යන්න එපා ඒකෙන් වෙන්නේ SSD එකේ Writes ගාන වැඩි වෙලා Life Time එක අඩු වෙන එක විතරයි. ඔයාලට HDD හා SSD ගැන වැඩි විස්තර ඔය ලින්ක් එකට ගිහින් බලාගන්න පුලුවන්

Defragmentation ගැන කතා කරන්න කලින් Fragmentation කියන්නේ මොකක්ද කියල කතා කරලා ඉමු. Fragmentation කියන එකේ තේරුම තමා කොටස් වලට වෙන්වීම ඉතින් මේක Hard Disk එකට අදාලවෙන්නේ මෙන්න මෙහෙම, Hard Disk එකේ Data Write කරන්නේ එකේ තියෙන තැටි(platter)උඩනේ. ඉතින් ඔයා File එකක් Edit කරනකොට, Save කරනකොට වෙගේ දේවල් වලදී Hard Disk එකේ Data Write වෙන්නේ තැනින් තැන, පිලිවෙලකට නෙවෙයි.

ඉතින් ඒ File එකේ තැන තැන තියෙන කොටස් එකපාර Read කරන්න Hard disk එකට ලොකු මහන්සියක් දරන්න වෙන්වා ඔන්න එතකොට ඔයාගේ PC එක Slow වෙනවා උදාහරණයක් විදියට Fragmentation කියන්නේ හරියට අපිලිවෙලට තියෙන පොත් රාක්කයක් වගේ, ඕන කරන විශයක පොතක් හොයාගන්න ලොකු වෙලාවක් ගතකරන්න වෙනවා

ඉතින් ඒ අපිලිවෙලට තියෙන පොත් ‍රාක්කේ විශයන් වලට වෙන්කරලා  පිලිවෙලකට හදන එක තමා Defragmentation කියන්නේ.ඒකියන්නේ File එකේ තැන තැන තියෙන කොටස් Read කරන්න ලේසි වෙන්න පිළිවෙලකට හදන එක. Disk Defragmentation වලට සිංහලෙන් කියන්නේ 'තැටි ප්‍රතිභාගීකරණය' ඒ වචනෙ පාවිච්චි කරනවද නැද්ද කියන එක තීරණය කරන්න ඔනේ ඔයගොල්ලම තමා. පහල තියෙන gif image එකෙන් ඔයාලට Defragmentation කියන එක තවත් හොඳට තේරුම් යාවි

Defragmentation කරන්නේ කොහොමද?

මේ වැඩේදී Disk Usage එක සමහර වෙලාවට 99% වගේ යන්වා ඒක නිසා PC වෙන මොනවත් වැඩක් නොකරන වෙලාවකට Defragmentation කරන්න. කාලෙකින් Defragmentation කරල නැත්නම් වැඩේ ඉවර වෙන්න විනාඩි 30කට වඩා යන්න පුලුවන්.

Windows වලදි නම් 'Defragment and Optimise Drives' කියලා සර්ච් එකක් දාලා අදාල Softwear එක ඕපන් කරගන්න පුලුවන්. ඊට පස්සේ Defragmentation කරන්න ඔනේ Partition එක තෝරලා Optimize කියන එක දෙන්න.

Linux හා MacOs වල තියෙන File Systems එක්ක Defragmentation කරන්න කිසිම අවශ්‍යතාවක් නෑ. ඒත් එතනදි 100% fragmentation නෑ කියල කියන්න බෑ.

අපි කලින් Storage Device ගැන ගොඩක් දේවල් කතාකරල තියෙනවා ඒවත් කියවන්න ලොකු දැනුමක් ගන්න පුලුවන් වේවි. එහෙනම් මේ වගේ තවත් තාක්ෂණික ලිපියකින් ආපහු හම්බවෙමු