Loading...
WhatsApp, Telegram සහ Signal විසින් ලබාදෙන පහසුකම් පිලිබඳ සවිස්තරාත්මක සැසඳීම

අපි මිට කලින් මේ වන විට ලොව ජනප්‍රියතම Messaging Services තුනක් වෙන WhatsApp, Telegram හා Signal Messaging Serviceවල හිමිකාරිත්වය හා Security features ගැන ලිපි දෙකක් මගින් ගෙන ආවා. අපි මේ ලිපියෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ Messaging Services තුනේ Features ගැනයි.

WhatsApp

WhatsApp මේ වන විට සාමාන්‍ය Messaging App එකකට අවශ්‍ය Features සියල්ලම වගේ ලබා දි තිබෙනවා. මෙහිදි සමාජිකයන් 256 දකවා වු Group Chat පහසුකම මෙන්ම එකවර Contact රැසකට පණිවිඩ යැවිය හැකි Broadcast Messages Feature එකත් ලබා දි තිබෙනවා. එමෙන්ම සාමාන්‍ය Chats සදහා මෙන්ම Group Chats සදහාත් Voice Call හා Video Call පහසුකම් ලබා දි තිබෙනවා. හැබැයි Group Video Call සදහා නම් දැනට එකවරකට සම්බදවිය හැක්කේ සමාජිකයන් 8කට පමණයි.

ඒ වගේම Telegram හෝ Signal Messaging Services ලබා නොදෙන WhatsApp හි ජනප්‍රියතම Feature එක වෙන්නේ WhatsApp Status Feature එකයි. WhatsApp මගින් 16MB දක්වා වු Photos, Videos හා Audio Files හුවමාරු කර ගැනිමට මෙන්ම 100MB දක්වා වු Document හුවමාරු කර ගැනිමට පහසුකම් සලසා තිබෙනවා. ඒ වගේම මෙහි තිබෙන Live Location Feature එකත් ගොඩක් වැදගත් Feature එකක් වෙනවා.

Dark Mode Feature එකත් ලබා දි ඇති මෙය Google Drive හෝ iCloud වෙත Backup කිරිමේ පහසුකම ලබා දි තිබෙනවා. මේ පහසුකම සම්පූර්ණයෙන්ම නොමිලේ ලබා දෙනවා.

Whatsappවල Feature ගැන අපේ කලින් ලිපි පහලින් බලන්න.

  1. WhatsApp Business සඳහා Shopping Button එකක් හදුන්වා දීමට කටයුතු කරයි
  2. WhatsApp වෙත Storage Management Tool නමින් නව පහසුකමක් හඳුන්වා දීමට කටයුතු කරයි
  3. WhatsApp සඳහා වැඩිදියුණු කල wallpaper feature එකක් ලබා දීමට Facebook සූදානම් වේ
  4. WhatsApp Android සඳහා වන face unlock පහසුකම ලබා දීමට Facebook ආයතනය සූදානම් වේ

Telegram

WhatsApp මගින් සාමාන්‍ය Messaging Service එකට අවශ්‍ය සියලු Features ලබා දුන්නද Telegram Messaging Service එක මගින් සාමාන්‍ය Messaging Service එකකින් ඔබ්බට ගොඩක් ඉතා ප්‍රයොජනවන් විශේෂ වු Features රැසක් ලබා දෙනවා. WhatsApp හි ඇති Status Feature එක හැරැණු කොට අනෙක් Features සියල්ලම වගේ ඉතා වැඩි දියුණු තත්වයෙන් Telegram App එක මගින් භාවිත කරන්න පුළුවන්.

මෙහි Group සදහා සමාජිකයන් 200,000 පමණ එකතු කර ගත හැකි වෙනවා. ඒ වගේම Group Chats සදහා විශේෂිත මෙන්ම වැදගත් Features කිහිපයක් වෙන Bots, Polls, Quizzes, Hashtags වගේ Feature ලබා දි තිබෙනවා. ඒ වගේම යවපු Messages Edit කිරිමේ හැකියාවත් Messaging Schedule කිරිමේ හැකියාවත් Telegram මගින් ලබා දෙනවා.

Telegram මගින් 1.5GB පමණ දක්වා වු Files හුවමාරු කර ගත හැකි වෙනවා. කෙසේ වෙතත් Telegram සදහා Video Call පහසුකමත්, Group Voice හා Video Chat පහසුකමත් මේ වන විට ලබා දි තිබෙනවා.

Telegram වල Features ගැන අපේ කලින් ලිපි පහලින් බලන්න.

  1. Pinned Messages 2.0, Improved Live Locations, Playlists සහ තවත් විශේෂාංග රැසක් සමඟ Telegram 7.20.0 නිකුත් වේ
  2. Search Filters, Anonymous Admins සහ තවත් features රැසකින් Telegram අලුත් වෙයි
  3. Profile Video, Group Stats, Improved People Nearby ඇතුලු තවත් features රැසකින් Telegram අලුත් වෙයි
  4. Telegram use කරල torrents file GDrive එකෙන් download කරමු

Signal

Security Features අතින් Signal ඉදිරියෙන් සිටිය ද Telegram තරම් Features රැසක් නම් මේ මගින් ලැබෙන්නේ නැ. නමුත් සාමාන්‍ය Messaging Service එකක් විදිහට අවශ්‍ය සියලු Features මේ App එක මගින් ලබා ගන්න පුළුවන්.

මේ මගින් ලබා දෙන සියලු Messaging, Voice Calls, Video Calls මෙන්ම සියලුම ආකාරයේ Communications End-to-end Encrypt කර තිබෙනවා. ඒ වගේම මේ වන විට Signal සදහා Group Call Feature එක ලබා දි තිබෙනවා. ඒ වගේම මෙහි තිබෙන Note to self Feature එකත් මේ සදහාම විශේෂිත වු Feature එකක් විදිහට දක්වන්න පුළුවන්.

මිට අමතරව Incognito Keyboard Option එකකුත්, Dark Mode එකකුත්, මුහුණු හා පුද්ගලික තොරතුරු Blur කල හැකි Powerful Photo Editor එකකුත් මේ Messaging Service එක සතු වෙනවා. ඒ වගේම ඉතා පහසුවෙන් පැරණි Messages Delete කල හැකි ආකාරයේ Option එකකුත් ලබා දි තිබෙනවා.

මේ දිනවල වඩාත් කතා බහට ලක් වුණ WhatsApp Messaging Service එකේ Security Policy එක නිසා බොහෝ අය වෙනත් Messaging Service ගැනත් අවධානය යොමු කර තිබෙනවා. ඒ නිසා මේ වන විට ලොව ජනප්‍රියතම Messaging Service තුන වෙන WhatsApp, Telegram හා Signal ගැන අපි මේ ගෙනාපු ලිපි පෙල මගින් ඔබට ඒ ඒ Messaging Service ගැන යම් අදහසක් ලබා ගැනිමට හැකි වෙනු ඇත.