Loading...
Digital Wallets සමඟින් Physical Credit/Debit Card යුගයේ අවසානය උදාවෙයිද?

තාක්ෂණයේ දියුණුවත් සමඟ අප මුදල් භාවිතා කරන සහ ගෙවීම් කරන ආකාරය සීඝ්‍ර වෙනසකට ලක් වෙමින් පවතිනවා. මීට දශක කිහිපයකට පෙර මුදල් නෝට්ටු වෙනුවට ක්‍රෙඩිට් කාඩ්පත් භාවිතය ප්‍රචලිත වූ අතර, දැන් එම Physical Credit/Debit Cards ද ඉතිහාසයට එක්වීමේ ලකුණු පහළ වී තිබෙනවා. ඒ Smartphone සහ Smart Watch හරහා ක්‍රියාත්මක වන Digital Wallets නිසා දැන් Physical Credit/Debit Cards ළඟ තබා ගැනීමේ අවශ්‍යතාවය ක්‍රමයෙන් නැති වී යමින් පවතිනවා.

ශ්‍රී ලංකාව සඳහාත් Google සමගම ඔවුන්ගේ Google Pay සේවාව නිල වශයෙන්ම හඳුන්වා දී තිබෙන අතර මේ වන විට Commercial බැංකුව, Hatton National බැංකුව සහ Sampath බැංකුව Cards සමඟින් භාවිත කළ හැකි වනවා.

Image Source - Google

Digital Wallets භාවිතයේ වාසි

සාමාන්‍ය Credit/Debit Cardsවලට වඩා Digital Wallets භාවිතා කිරීමේදී පාරිභෝගිකයාට ප්‍රතිලාභ රැසක් ලැබෙනවා,

  • පහසුව සහ වේගය: මුදල් පසුම්බියෙන් කාඩ්පතක් ඇද ගැනීමට වඩා, අතේ ඇති දුරකථනය හෝ ඔරලෝසුව ගෙවීම් යන්ත්‍රය මත "Tap" කිරීම ඉතා වේගවත් සහ පහසුයි.
  • සියල්ල එකම තැනක: Apple Wallet, Google Wallet හෝ Samsung Wallet වැනි යෙදුම් තුළ බැංකු කාඩ්පත්වලට අමතරව රියදුරු බලපත්‍රය, විදේශ ගමන් බලපත්‍රය (Passport), ගුවන් යානා ටිකට්පත් සහ වෙළඳසැල්වල වට්ටම් කාඩ්පත් (Rewards cards) පවා ගබඩා කර තැබිය හැකියි.
  • Online Payments: එමෙන්ම Digital Wallets හරහා වෙළඳසැල්වල මෙන්ම අන්තර්ජාලය හරහා සිදු කරන මිලදී ගැනීම් ද පහසුවෙන් කළ හැකි වනවා.

ආරක්ෂාව පිළිබඳ විශ්වාසය

Physical කාඩ්පතකට වඩා Digital Wallets ආරක්ෂිත බව පෙන්වා දෙන්න පුලුවන්.

  1. එක් වරක් භාවිතා කරන කේත: සෑම ගෙවීමකදීම Digital Wallet එක විසින් අද්විතීය වූ එක් වරක් පමණක් භාවිතා කළ හැකි කේතයක් (One time digital code) නිපදවනු ලබන අතර එම නිසා කාඩ්පත් අංක සොරකම් කිරීමට ඇති ඉඩකඩ අවම වනවා.
  2. Biometrics: ඔබගේ Fingerprint එක හෝ Facial recognition තාක්ෂණය නොමැතිව කිසිවෙකුට ඔබගේ දුරකථනයෙන් ගෙවීම් කළ නොහැකි වීමත් විශේෂ වනවා.
  3. සොරකම්වලින් ආරක්ෂා වීම: ඔබගේ මුදල් පසුම්බිය සොරකම් කළහොත් එහි ඇති කාඩ්පත් භාවිත කිරීමට සොරුන්ට පහසුය. නමුත් Digital Wallet සහිත දුරකථනයක් සොරකම් කළ ද, එහි පවතින Security layers බිඳ දැමීම ඉතා අපහසු බැවින් ඒ පිළිබන්දව බිය විය යුතු නැත.

අවදානම් සහ අභියෝග

කෙසේ වෙතත්, Digital Wallet ද 100% ක් අවදානමෙන් තොර නොවන බව කිව නොහැකි වන අතරම දුරකථනය සොරකම් කිරීමේ අවදානම මෙන්ම, අන්තර්ජාලය හරහා සිදුවන Data leaks සහ Hacker ප්‍රහාර පිළිබඳව ද අවධානය යොමු කළ යුතු වනවා. විවිධ Apps සමඟ Digital Wallet එක සම්බන්ධ කිරීමේදී දත්ත සොරකම් කිරීමේ අවදානම ඉහළ යා හැකියි. එමෙන්ම බැංකුවෙන් මෙන් ලැබෙන ව්‍යාජ කෙටි පණිවිඩ හෝ ඊමේල් හරහා පරිශීලකයින්ව රවටා Digital Walletවල තොරතුරු ලබා ගැනීමටත් වර්තමානය වන විට සොරුන් උත්සාහ කරමින් සිටිනවා.


Digital Walletsවල යම් අවදානම් පැවතිය ද, ඒවායේ ඇති පහසුව සහ බහුවිධ ක්‍රියාකාරීත්වය නිසා ලෝකය වේගයෙන් Physical Credit/Debit Cards ඈත් වෙමින් සිටිනවා. එමෙන්ම Master Card වැනි සමාගම් පවා මෙම වෙනස වැළඳ ගනිමින් සිටින බැවින්, අනාගතයේදී අපට කාඩ්පත් රහිත, සම්පූර්ණයෙන්ම ඩිජිටල් වූ ගෙවීම් ලෝකයක් බලාපොරොත්තු විය හැකියි.