ඊයේ දිනයේදී (2022 නොවැම්බර් 15) අපි පෘථිවි ජනගහනයේ තවත් එක් කඩ ඉමක් පහු කලා. ඒ තමා පෘථිවි ජනගහනය බිලියන හතේ සිමාව පහු කරමින් බිලියන අටේ සිමාවට අපි ඇතුල් උනා.
- දවසකට ලොව පුරා අලුතින් සිදුවන දරු උපත් ප්‍රමානය 385,000ක්.
- දවසකට ලොව පුරා සිදුවන මියයෑම් සංඛ්‍යාව 158,686.
- මිනිසාගෙ ආරම්භයේ සිට මේ වන තෙක් පෘථිවියෙ විසු මුලු ජන සංඛ්‍යාව බිලියන 107ක්.
- මිනිසාගෙ අරාම්භයේ සිට මේ වන තෙක් මිය ගිය සංඛ්‍යාව බිලියන 100කට ආසන්නයි.
මේ වෙන විට ලෝක ජනගහනය සීග්‍රයෙන් වැඩිවෙමින් පවතිනවා. පෘථිවියට බිලියනයක ජනගහන සිමාවට පැමිනීමට වසර ලක්ශ දෙකක් (200,000)ක් ගත වුනු නමුත්, ජනගහනය බිලියන අටේ සිමාවට පැමිණිමට ගතවුයෙ වසර 200ක් පමණි.
ඔයාලා දන්නවද ? 1960 දශකය වෙද්දි පෘථිවි ජනගහනය තිබුනෙ බිලියන තුනේ මට්ටමේ. එතැන් සිට දළ වශයෙන් අවුරුදු හතලිහකට ආසන්න ප්‍රමානයක් ගත කරමින් අපි තව බිලියන තුනක් අපෙ ජනගහනය වැඩි කර ගනිමින් බිලියන හයට කොඩිය දැම්මා. ඉන් පස්සෙ 2022වන මේ වෙද්දි අපි බිලියන අට පසු කරලා ඉවරයි. ඒ කියන්නෙ අපි ගතවුන අවසාන අවුරුදු විස්ස ඇතුලත අපෙ ජනගහනය තව බිලියන දෙකකින් වැඩි කරාගෙන තියෙනවා කියන එකයි.
අනිත් හොඳම කාරණාව තමා මෙ අගයන් සාමාන්‍යක් වශයෙන් ගත්තොත්, අවසාන බිලියනය අපි ලඟා කරගෙන තියෙන්නේ අවුරුදු 10ක් ඇතුලත. හැබැයි මේකට සීයට හතලිහක් (40%) දායක උනෙ චීනයයි ඉන්දියාවයි තමා. ඒ කියන්නෙ ලෝක ජනගහනය පොදුවෙ අරගෙන එකෙන් දහයක් තෝර ගත්තොත් එතනින් පුද්ගලයින් හතරක්ම ඉන්දියාවේ හෝ චීනයේ පුද්ගලයෙක් වීමයි. ඉතින් බිලියන 8ක ලෝක ජනගහනය වෙනුවෙන් දායක වූ ඔබ මම ඇතුලු හැමෝටම සුභ පැතුම්.