ඔබට මතක ඇති මෑතකදී Tesla සමාගම විසින් ඩොලර් බිලියන 1.5 ක Bitcoin මිලදී ගත් බව අපට අසන්නට ලැබුනා. ඉන්පසු මේ වන විට Tesla සමාගම සමග ගණුදෙනු කිරීමේ එක් මාධ්‍යයක් ලෙස Bitcoin භාවිතා කිරීමට අවස්ථාව සලසා ඇති බව Tesla සමාගමේ CEO වන Elon Musk විසින් ඔහුගේ twitter ගිණුම ඔස්සේ මේ පිළිබදව නිවේදනය කරනු ලැබුවා. එම tweet එක පහතින් දැක්වේ.
Pay by Bitcoin capability available outside US later this year
— Elon Musk (@elonmusk) March 24, 2021
ඒ අනුව මේ වන විට Tesla වෙබ් අඩවිය ඔස්සේ ගෙවීම් සිදුකරන්නට යන අවස්ථාවේ Bitcoin යනුවෙන්ද ගෙවීම් මාධ්‍යයක් ඔබට දැකගත හැකිවනු ඇත. එය දිස්වන්නේ පහත රූපයේ ආකාරයටයි.


නමුත් මෙම පහසුකම භාවිතා කළ හැකි වන්නේ ඇමෙරිකා එක්සත් ජනපදය තුළ පමණක් වන අතර අනෙක් රටවල් සදහා මෙම පහසුකම ඉදිරියේදී ලබා දෙන බව ඔහු දැක්වූ twitter පණිවිඩයේ වැඩිදුරටත් සදහන් කර තිබුණා.
Source: TechCrunch, Beebom