Loading...
SpaceX තම Starlink Internet beta සේවාව $100ක මාසික ගාස්තුවකට ඇමරිකාවට හදුන්වා දීමට කටයුතු කරයි

SpaceX සමාගම විසින් ඔවුන්ගේ Starlink Internet සේවාවේ Public Beta Service එක ආරම්භ කිරිමට සුදානම් බව ප්‍රකාශ කර තිබෙනවා. ඒ එක්සත් ජනපදය සදහායි. ඔවුන් මේ Public Beta සේවාව Service එක හදුන්වන්නේ "Better Than Nothing" යනුවෙන්. මේ වන විට එක්සත් ජනපදයේ සමහර Newsletter Subscribersලා වෙක සමාගම මගින් මේ Beta සේවාවේ Speed එක වගේම මිල ගණන් පිළිබඳවත් Email මගින් යොමු කර තිබෙනවා.

එයට අනුව ඔවුන් 50Mbps සිට 150Mbps දක්වා Data Speed එකකුත් 20ms සිට 40ms දක්වා වු Latency එකකුත් බලාපොරොත්තු විය හැකි බව දක්වා තිබෙනවා. ඒ වගේම ඉදිරියේදි තවත් චන්ද්‍රිකා කක්ෂය ගත කිරිමත්, තවත් Ground Stations ස්ථාපිත කිරිමත් හා Networking Software හි කරන Update සමගත් වැඩි වේගවත් අන්තර්ජාල සබධතාවයත් බලාපොරොත්තු විය හැකි බවත් ඔවුන් දක්වා තිබෙනවා. 2021 ජුනි-සැප්තැම්බර් පමණ වන විට Latency එක 16ms සිට 19ms දක්වා අඩු කර ගැනිමට ඔවුන් බලාපොරොත්තුව සිටිනවා.

Mounting tripod එක හා Wi-Fi Router එක ඩොලර් 499ක මිලකට මිලදි ගත හැකි අතර Up-front Antenna එක සදහා ඩොලර් 1000 මිලක් ඔවුන් අය කරනවා. මෙහි මාසික ගාස්තු වෙන්නේ ඩොලර් 99ක්. මේ මිල ගණන් බලාපොරොත්තු වු මිල ගණන්වලට වඩා අඩු වුවත්, එලෙස අඩු කර තිබෙන්නේ හදුන්වා දිමේ Offer එකක් ලෙස කියන්න පුළුවන්.

දැනට මේ Starlink Internet Service එක ලබා ගත හැකි වන්නේ එක්සත් ජනපදයේ අංශක 44ට වැඩි අක්ෂාංශ පරාසයක සිටින අයට පමණි. ඒ මොන්ටානා හා  වොෂිංටන් ප්‍රදේශවලට වන අතර විස්කොන්සින් හා මිනසෝටාවල සමහර ප්‍රදේශවලද මේ Service එක ලබා ගත හැකියි. හැබැයි මේ ප්‍රදේශවලට කිසිදු ප්‍රධාන නගරයක් අයත් වෙන්නේ නැ.

ඒ වගේම Apple’s App Store හා Google Play සදහා App එකක් නිකුත් කර තිබෙන අතර ඒ මගින් Starlink Internet Usersලාට අවශ්‍ය තොරතුරු ලබා දිම සිදු කරනවා. iOS App එකේ ඇති AR Feature එක මගින් Antennaව සවිකිරීමට අවශ්‍ය සහය ලබා දෙනවා. Public Beta Service එක සමාගම විසින් තෝරාගත් අයට පමණක් ලබා දිම සිදු කරමින් පවතිනවා.

මෙය තවමත් හඳුන්වා දීමේ අවධියේ පසුවන නිසා සහ තවමත් සුළු ප්‍රදේශයකට පමණක් භාවිතා කිරීමට හැකියාව පවතින නිසා ඉහත පැවසු ආකාරයට වැඩි පිරිවැයක් දැරීමට සිදුවන නමුත් ලොව පුරා මෙය ක්‍රමක්‍රමයෙන් පැතිර යෑමේදී සහ වැඩි ග්‍රාහකයන් පිරිසක් Starlink සමඟ එකතු වීමේදී එක් අයෙකුට දැරීමට සිදුවන පිරිවැය ඉතාමත් අඩු වනු අතැයි Android වැඩකාරයෝ අපගේ අදහස.

Sources: Android Authority