Loading...
Snapdragon 895 මාදිලියේ chip නිෂ්පාදනය Samsung සහ TSMC යන සමාගම් වලට ලබා දේ

Qualcomm සමාගම විසින් ඔවුන්ගේ මිලග පරම්පරාවේ Processor එක වෙන Snapdragon 800 Series එකේ Processor එක පිළිබඳව මේ වෙන විට කටයුතු කරමින් සිටින බවට තොරතුරු වාර්තා වෙනවා. ඒ අනුව ඔවුන්ගේ මේ 800 Series එකේ Processor එක බොහෝ විට Qualcomm Snapdragon 895 නමින් එළිදැක්වනු ඇතැයි බලාපොරොත්තු වෙන්න පුලුවන්.

ඒ අනුව මේ Snapdragon 895 Processor එක 4nm Chipset එකක් වෙනු ඇත. ඒ වගේම මේ Chipset එකේ Snapdragon 895 වගේම Snapdragon 895+ කියල Versions දෙකකින් නිකුත් වෙන්න නියමිතව පවතින අතර Snapdragon 895 Processor එක Samsung සමාගම විසිනුත් Snapdragon 895+ Processor එක 2022 වසරේ දෙවන කාර්තුවේදි පමණ TSMC විසිනුත් නිපදවිමට නියමිත බවයි වාර්තා වෙන්නේ.

තොරතුරුවලට අනුව Snapdragon 895 Processor එකේ Part Number එක “SM8450” වෙන අතර මෙය Kryo 760 CPU, Adreno 730 GPU, Spectra 680 ISP හා Integrated Snapdragon X65 5G Modem එකකිනුත් මෙය සමන්විත වෙනු ඇත. ඒ වගේම මේ Snapdragon 895 Processor එක මේ වසර අගදි එළිදැක්වීමට නියමිත වෙනු ඇති අතර මේ Processor එකෙන් සමන්විත Smart Phones මේ දෙසැම්බරයේ හෝ ලබන වසර මුලදි නිකුත් වෙනු ඇතැයි බලාපොරොත්තු වෙන්න පුලුවන්.

Source : Gizmochina