Loading...
TikTok යෙදු​ම appstores වලින් ඉවත් කරන මෙන් Google සහ Apple සමාගම් වලින් එක්සත් ජනපදය ඉල්ලා සිටියේ ඇයි?

"TikTok යනු තවත් video app එකක් නොව, එය පොරවාගත් බැටළුවෙකුගේ හමක් වැනිය" යනුවෙන් අදහස් දක්වමින් ඇමරිකානු ෆෙඩරල් සන්නෙවේදන කොමිසමේ (FCC)හි කොමසාරිස්වරයා ලෙස කටයුතු කර​න Brendan Carr විසින් Twitter පණිවිඩයක් තබමින් පවසා තිබුණේ, TikTok යෙදුම Google සහ Apple සමාගම් වල Appstores වලින් ඉවත් කරගන්නා ලෙස ඉල්ලා සිටිමින් ඉදිරිපත් කල ලිපියද උපුටා දක්වමිනි.

එම ලිපියේ සඳහන් වන ආකාරයට, BuzzFeedහි පුවත් පත් වාර්තාවකින් හෙලි වී ඇති TikTokහි අභ්‍යන්තර රැස්වීම් 80ක පටිගත කිරීම් වලට අනුව TikTokහි මව් සමාගම වන චීනය පදනම් කරගෙන ක්‍රියාත්මක වන ByteDanceහි සේවකයන්, එක්සත් ජනපදයේ TikTok පරිශීලකයන්ගේ පෞද්ගලික දත්ත වෙත නැවත නැවත ප්‍රවේශ වී ඇති බව​යි.

2021 සැප්තැම්බරේ පැවති රැස්වීමකදී TikTokහි Trust and Safety departmentහි සාමාජිකයෙකු විසින් ප්‍රකාශ කර ඇත්තේ සියළුම දේ චීනය විසින් නිරීක්ෂණය කරන බවයි. ඊට අමතරව චීනයේ බීජිං පාදක කරගත් Master Admin නම් අයෙකු වෙත සෑම දේටම ප්‍රවේශ වී ඒවා පරික්ෂා කිරීමේ හැකියාව ඇති බව එහි අධ්‍යක්ෂකවරයෙකු විසින් ප්‍රකාශ කර ඇත. BuzzFeedහි මෙම හෙලිදරව්වට සුළු මොහොතකට පසු TikTok විසින් ප්‍රකාශ කර ඇත්තේ එක්සත් ජනපදය පාදක කරගත් සියළුම පරිශීකලයන්ගේ දත්ත නව Oracal Cloud Infrastructure වෙත 100%ක්ම මාරු කල බවයි.

Brendan Carr විසින් තම ලිපියේ සඳහන් කර ඇත්තේ TikTokහි දත්ත පරිශීලනය පිළිබඳ​ව දැක්වෙන නීර්ණය කිරීම් සහ සාක්ෂි වලට අනුව Android සහ iOS හි ඇති ආරක්ෂණ පද්ධතියන් ඉක්මවා ගොස් පරිශීලකයන්ගේ සංවේදී දත්ත වෙත ප​වා ප්‍රවේශ වීමේ හැකියාව TikTok සතුව ඇති බවයි. එමෙන්ම බාලවයස්කරුවන් විසින් ඔවුන්ගේ පෞද්ගලික දත්තයන් එකතු කිරීම සහ වෙළඳ ප්‍රචාරකයන් වෙත අලෙවි කිරීම පිළිබඳව චෝදනා කරමින් TikTokට එරෙහිව ගොනුකල නඩු වලට ඇමරිකානු ඩොලර් මිලියන 92ක පමණ මුදලක් 2021 වර්ෂයේ​දී ගෙවීම​ට සිදුවීමටද ඔහු විසින් තම ලිපියේ උපුටා දක්වා තිබෙනවා.

Online Privacy ගැන වැඩි දුර විස්තර කියවන්න

Brendan Carr විසින් TikTok යෙදුම ඔවුන්ගේ appstores වෙතින් ඉවත් කරගැනිම නොකරන්නේ නම් හෝ, එය ප්‍රතික්ෂේප කරන්නේ නම් එයට හේතු ප්‍රකාරව පැහැදිලි කිරීමට ජූලි මස 8 වන දින තෙක් කාලය ලබා දී තිබෙනවා. මෙහි විශේෂත්වය වන්නේ මෙම ලිපියට අත්සන් කර ඇත්තේ Brendan Carr විසින් පමණක් වීම සහ අනෙකුත් කොමසාරිස්වරුන්ගේ මැදිහත් වීමක් මෙම ලිපිය මඟින් ගම්‍ය නොවීමයි.

මේ වන විටත් TikTok යෙදුම Apple Appstore වෙතින් ඉවත් කිරීම නවතා ගැනීමට අවශ්‍ය කරන වෙනස්කම් සිදු කරමින් පවතින බව Reuters විසින් වාර්තා කර සිටිනවා. මේ වන විට එක්සත් ජනපදයේ පරි​ශීලකයන්ගේ දත්ත සියල්ලම එක්සත් ජනපදය පාදක කරගත් දත්ත ගබඩා වෙත යොමු කලත් තවමත් එම දත්ත වල backups සමාගම සතුව පවතින බවට චෝදනා එල්ල වනවා. එයට ප්‍රතිචාර ලෙස TikTok සමාගම විසන් ප්‍රකාශ කර ඇත්තේ ගිවිසුම නිම වූ වහාම ඔවුන් විසින් එම අදාල backups ඔවුන්ගේ servers වලින් මකා දමන බවයි.

කෙසේ නමුත් Google සහ Apple සමාගම් දෙකම මේ වන තුරුත් මේ සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වා නැත.

Sources: TechCrunch BuzzFeed The Washington Post CNN Reuters