Loading...
නරඹන්නේ කුමක්දැයි අදහසක් නැති විට වඩාත්ම ගැලපෙන දේ සොයා දෙන Play Something නම් පහසුකමක් Netflix විසින් හඳුන්වා දේ

Netflix සමාගම විසින් ඔබට නරඹන්නේ කුමක්දැයි තීරණයක් ගැනිමට නොහැකි හෝ නරඹන්නේ කුමක් දැයි නිසි අදහසක් නොමැති අවස්ථාවක ඔබට නැරඹිමට වඩාත්ම ගැලපෙන දේ සොයා ගැනිම පහසු කිරිමට නව විශේෂාංගයක් හදුන්වා දි තිබෙනවා.

ඔවුන් විසින් මේ නව විශේෂාංගය නම් කොට ඇත්තේ Play Something යනුවෙන්.

මේ මගින් Netflix හි ඔබගේ කැමැත්ත හා මිට පෙර නැරඹිම් අනුව ඔබට නැරඹිමට සුදුසුම දේ යෝජනා කිරිම සිදු වෙනවා. එනම් මෙය බොහෝ විට ඔබගේ Netflix Watching History එක මත පදනම් වි ක්‍රියාත්මක වෙනු ඇති. මෙය අහඹු ලෙස ක්‍රියාත්මක නොවන අතර Netflix තුල ඔබගේ නැරඹිම් ආදිය අනුව ක්‍රියාත්මක වෙන අතර මේ මගින් අලුත්ම චිත්‍රපට හෝ කතාමාලා මෙන්ම ඔබ විසින් නරඹා නිම නොකරන ලද චිත්‍රපට හෝ කතාමලා ඔබට තෝරා දිම සිදු කරනවා.

Play Something යනුවෙන් හදුන්වා දුන් මේ Feature එක මීට පෙර සිටම විවිධ ආකාරවලින් Netflix තුල පරික්ෂා කර තිබෙනවා. මීට වසරකට පෙර Shuffle Play යනුවෙනුත් මෙය හදුන්වා දි තිබුණා. මේ නව Play Something පහසුකම මේ වෙන විට Netflix Tv Usersලාට අත්හදා බැලිමට හැකියාව ලබා දි ඇති අතර ඉදිරියේ දි Mobile Devices සදහාත් ලබා දෙනු ඇතැයි බලාපොරොත්තු වෙන්න පුලුවන්.

Source : Tech Crunch, Netflix