Loading...
Two Popes, Bird Box, සහ තවත් Movies & Tv Series කිහිපයක් නොමිලයේ නැරඹීමට අවස්ථාව Netflix විසින් ලබා දෙයි

Netflix කියන්නේ ලොව පුරා අතිශය ජනප්‍රිය තත්වයට පත්වු Video Streaming සේවාවක්. ඔවුන්ගේ ජනප්‍රියත්වය තවත් වැඩිකර ගැනිමේ අරමුණින් Netflix විසින් ලොව පුරා සිටින තවමත් Netflix භාවිතා නොකරන පරිශිලකයන් ඉලක්ක කර ගනිමින් මේ වන විට තෝරාගත් Movies & Tv Series කිහිපයක් නොමිලයේ නැරඹීමට අවස්ථාව සලසා දි තිබෙනවා.

නොමිලයේ නැරඹීමට අවස්ථාව ලබා දි ඇති Movies & Tv Series පහතින් දැක්වෙනවා. ඒ වගේම මෙතනින් ඔබට ඒවා නැරඹීමට හැකියි.

  • Stranger Things‌‌
  • Murder Mystery‌‌
  • Elite‌‌
  • The Boss Baby: Back in Business‌‌
  • Bird Box
  • ‌‌When they See Us‌‌
  • Love is Blind‌‌
  • The Two Popes‌‌
  • Our Planet‌‌
  • Grace and Frankie
Watch Free TV Shows and Movies | Watch Netflix for Free
Netflix shows and movies have everything you’re looking for–from comedies to sci-fi, dramas to documentaries and so much more. Sample some of our favorites now for free.

Tv Series සදහා නම් පළමු Episode එක පමණක් මෙලෙස නොමිලේ නැරඹීමට අවස්ථාව ලබා දි තිබෙන අතර Movies සදහා නම් එලෙස සිමාවක් පණවා නැ. නමුත් Movies නැරඹීමේ දි Skip කල හැක තත්පර 30 ක වෙළද දැන්විම් පෙන්විම නම් සිදු වනවා. එමෙන්ම මේ Movies & Tv Series Netflix Android හෝ iOS App මගින් නම් නැරඹීමට හැකි වෙන්නේ නැ. මේ Movies & Tv Series නැරඹීමට හැකි වෙන්නේ Web Browsers මගින් පමණක් බව ඔවුන් දක්වලා තියෙනවා.

ඒ වගේම මෙලෙස Original Content නොමිලේ නැරඹිට දුන් පළමු අවස්ථාව මෙය නොවන අතර එවම ලබා දිම් යම් යම් ප්‍රදේශවලට පමණක් සිමා විය. නමුත් ලොව පුරා සිටින පරිශීලකයන්ට ලියාපදිංචි නොවි Original Content නැරඹීමට හැකියාව ලබා දුන් පළමු අවස්ථාව ලෙස මෙය සදහන් කරන්න පුළුවන්.

Source: Netflix & MobileSyrup