Loading...
OnePlus සමාගමේ සම නිර්මාතෲ Carl Peiගේ Nothing සමාගමේ නව Earbuds දෙක Nothing Ear (1) ලෙසින් එලි දැක්වේ

මීට පෙර ලිපියකින් අපි ගෙනාවා OnePlus සමාගමේ සම නිර්මාතෲ Carl Pei ගේ Nothing සමාගමෙන් නව Ear buds දෙකක් නිකුත් කිරීමට සූදානම් වන බව.

Nothing Ear (1) true wireless earbuds ඊයේ දිනයේදී නිල වශයෙන් එලිදක්වීම සිදු කලා. මේ Earbuds වල design ගත්තොත් transparency එක මුලික කරගෙන තමයි design කරලා තියෙන්නෙ. Earbuds දෙක වගේම charging case එකත් ගොඩක් transparent විදිහට තමයි හදලා තියෙන්නෙ. Earbuds වල සමහර internal circuits එලියෙන් බලාගන්න පුලුවන්.මේක නිසා Ear (1) වලට සුවිශේෂී පෙනුමක් හම්බෙලා තියෙනවා. ඒ වගේම මේ Earbuds දෙකේ වම දකුණු පහසුවෙන් අදුරගන්න color code (රතු-සුදු) රවුමක් තියෙනවා. 4.5g තමයි එක earbud එකක බර වෙන්නෙ.

මේකට එන්නෙ 11.6mm drivers.ඒවගේම මේ Nothing Ear (1) එකේ hardware සහ software කියන දෙකම Teenage Engineering කියන Swedish consumer electronic company එකෙන් තමයි tune කරලා තියෙන්නෙ.

මේකෙ battery life එක ගත්තොත් ANC (active noise cancelation) off කරලා පැය 5.7ක් earbuds විතරක් සහ charging case එකත් එක්ක පැය 34ක battery life එකක් තියෙනවා. ඒ වගේම ANC On කරලා earbuds වලට පැය 4ක සහ charging case එකත් එක්ක පැය 24ක battery life එකකුත් බලාගන්න පුලුවන්. මේක wirelessly charge කරන්නත් පුලුවන්. ඒවගේම Nothing එකෙන් කියන විදිහට විනාඩි 10ක් charge කරලා පැය 8ක් charging case එකත් එක්ක පාවිච්චි කරන්න පුලුවන්ලු.

මේකෙ Noise cancelation වලට එක earbud එකකට microphone තුන ගානෙ පාවිච්චි කරනවා.මේක Nothing ear app එක හරහා background noise එක වැඩි නම් maximum සහ background noise අඩු නම් light විදිහට වෙනස් කරගන්න පුලුවන්. ඒවගේම මේකට transparency mode එකකුත් තියෙනවා. ඒවගේම ear (1) එකෙන් ඔයා microphone එක හරහා calls ගන්නවා නම් background noise එක cancel out කරනවා.

ඒවගේම මේකට tap සහ gesture controls තියෙනවා මේක වගේ Equalizer එකත් ඔයාට app එක හරහා customize කරගන්න පුලුවන්. මේකට Bluetooth 5.2 සහ ipX4 water resistance තියෙනවා. මේකේ තියෙන in-ear detection සහ fast pairing features නිසා මේක ඔයා කනේ දාගත්තම automatically ඔයාගෙ phone එකත් එක්ක connect වෙනවා.

මේ flagship features ඔක්කොම ඔයාට $99 / £99 / €99 (ආසන්නව 20,000) ක් වගේ මුදලකට අගෝස්තු 17 වෙනිදා ඉදන් රටවල් 45කදි මිලදී ගන්න පුලුවන්. මේක ඉන්දියානු රුපියල් 5,999 කට (බදු රහිතව ආසන්න වශයෙන් LKR 16,023 කට) මිලදී ගන්න පුලුවන්.

ඒවගේම අන්තිමට "We're definitely not gonna become an audio brand", "There's a lot more coming" කියලා Carl Pei කිව්ව නිසා තවත් categories වල product ඉස්සරහට අපිට Nothing brand එක යටතේ බලාපොරොත්තු වෙන්න පුලුවන්.

Sources: The Verge, MacRumors