Loading...
Vo1d නම් Malware එකක් මඟින් Android TV මිලියනයකට අධික ප්‍රමාණයකට හානි

Android TV Box එකක් මේ වන විට බොහෝ නිවෙස්වල ඇති බව නිසකයි. කෙසේ වෙතත් මේ පුවත නම් Android TV Box එකක් භාවිත කරන ඔබට නම් එතරම් සුභ දායක වන්නේ නැ.


Vo1d නමින් හඳුන්වනු ලබන නව Malware එකක් Android TV Box අතර පැතිර යනු ලබන අතර මේ වන විටත් ලොව පුරා රටවල් 197ක පමණ Android TV Box මිලියන 1.3ක පමණ ප්‍රමාණයක් මේ සඳහා ගොදුරු වී තිබෙනවා. මේ රටවල් අතරට බ්‍රසීලය, මොරොක්කෝව සහ පාකිස්තානයත් ඇතුළත් වනවා.

මේ ඔස්සේ Android TV Box එකේ System Files වෙනස් වීමකට ලක් වී ඇති අතර පහත TV Box ඒ සඳහා බහුලව ගොදුරු වී තිබෙනවා.

  • R4: Android 7.1.2; R4 Build/NHG47K
  • TV BOX: Android 12.1; TV BOX Build/NHG47K
  • KJ-SMART4KVIP: Android 10.1; KJ-SMART4KVIP Build/NHG47K

අන්තර්ජාලය තුළ වාර්තා වන ආකාරයට මේ TV Box මේ සඳහා ඉලක්ක කරගෙන ඇත්තේ ඒවාගේ පැරණි Android Version පැවතීම නිසා බව දක්වන්න පුලුවන්.


Google සමාගමේ මාධ්‍ය ප්‍රකාශකයෙකු විසින් දක්වා ඇත්තේ මේ Malware එක සඳහා ගොදුරු වී ඇති TV Box ඔවුන්ගේ Play Protect certified Android devices නොවන බවයි. එමෙන්ම ඔබගේ Android TV Box එක Play Protect certified Android device එකක් නම් ඔවුන්ගේ නවතම යාවත්කාලීන හරහා මෙවැනි Malware ඔස්සේ ආරක්ෂාව ලැබෙන බව දක්වා තිබෙනවා.

ඔබගේ Android TV Box එකත් Play Protect certified දැයි දැන ගැනීමට Google Play Store එක වෙත පිවිස Profile යටතේ ඇති Settings ඔස්සේ ඇති About තුලින් දැක ගත හැකි වනවා. ඔබගේ Android TV Box එකත් Play Protect certified නම් Device is Certified ලෙසින් දැක් වේ.

Source: bgr.com
මෙවැනි වූ තාක්ෂණික කරුණු සහ නවතම තාක්ෂණික පුවත් ඉක්මනින් දැන ගැනීම සඳහා Android වැඩකාරයෝ අප සමඟම රැඳී සිටින්න.