Loading...
Qualcomm සමාගම තම ප්‍රථම ජංගම දුරකතනය එලි දැක්වීමට කටයුතු කරයි

Qualcomm සමාගම විසින් ඔවුන්ගේ පළමු Smart Phone එක පසුගිය දිනක ප්‍රකාශයට පත් කරනු ලබුවා. මෙය ඔවුන්ගේ Snapdragon Insider Program එකේ සමාජිකයන් සදහා විශේෂ Smart Phone එකක් ලෙස නිකුත් කර තිබෙනවා. මෙය Asus සමාගම විසිනුයි නිර්මාණය කරනු ලබන්නේ.

Display & Design

මේ Snapdragon Insiders Phone එක සදහා අගල් 6.78ක Samsung AMOLED Display එකක් ලබා දි ඇති අතර එය 144Hz Display Refresh Rate එකකින් සමන්විත වෙනවා. ඒ වගේම මේ Smart Phone එකේ Camera Cutout හෝ Notch නොපවතින අතර Front Camera එක හා අනෙකුත් Sensors ඇතුලත් කිරිමට Bezel එකක් ලබා දි තිබෙනවා. එනම් මේ Smart Phone එකේ වර්තමාන Smart Phoneවලට වඩා මදක් විශාල Bezel එකක් බලා ගන්න පුලුවන්. ඒ වගේම මෙය Gorilla Glass Victus මගින් ආරක්ෂා වෙනවා.

Processor, Storage & Features

Qualcomm Snapdragon 888 Processor එක මගින් බලගැන්වෙන මෙය සදහා 16GB LPDDR5 RAM එකක් ද 512GB UFS 3.1 Storage එකක්ද ලබා දි තිබෙනවා. මීට අමතරව Dual Stereo Speakers System එකක් ලබා දි ඇති අතර මෙය සදහා Snapdragon Sound Technology එකක් ලබා දි තිබෙනවා. Dual SIM 5G Support Device එකක් වෙන මෙය සදහා Wi-Fi 6E, Bluetooth 5.2, Wi-Fi Direct හා NFC වගේ Features ලබා දි තිබෙනවා. ඒ වගේම Qualcomm 3D Sonic Sensor Gen 2 Rear-mounted fingerprint sensor එකකුත් ලබා දි තිබෙනවා. මේ Fingerprint Sensor එකට පහලින් Light Up කල හැකි Snapdragon Logo එකක් ද යොදා තිබෙනවා.

Camera Setup

Rear Camera Setup එක සදහා 64MP f/1.8 Sony IMX686 Sensor එකකින් සමන්විත Triple Lens Camera Setup එකක් ලබා දි තිබෙනවා. අනෙක් Lens විදිහට Sony IMX363 12MP f/2.2 Ultrawide Angle Lens එකකුත් 3x Optical Zooming හැකියාව ඇති 8MP Telephoto Lens එකකුත් ලබා දි තිබෙනවා. 12MP Ultra Wide Lens එක මගින් 4cm Macro Photos Capture කිරිමේ හැකියාවත් පවතිනවා. මේ Snapdragon Insider Phone එක සතුව AI auto zoom Feature එක වගේම 8K at 30fps හා 4K UHD at 30/60fps Video Recording පහසුකමත් පවතිනවා. මෙහි Front Camera එක සදහා 24MP front-facing Camera එකක් ලබා දි තිබෙනවා.

Battery & Charging

මේ Snapdragon Insider Phone එක Quick Charge 5 හා 65W Fast Charging Technology එක සහිත 4000mAh Battery එකකින් සමන්විත වෙනවා. මේ Smart Phone එකත් සමග 65W Charging Adapter, Snapdragon-branded earbuds with a charging case, 1m-long USB-C to USB-C Quick Charge 5 cable, 50cm USB-C to USB-A cable for the earbuds සහ phone Case එකක් ලබා දෙන්න මොවුන් කටයුතු කර තිබෙනවා.

Snapdragon Insiders Phone එකේ මිල ඩොලර් 1499ක් පමණ වෙනු ඇති අතර අගොස්තුවේදී මිලදි ගැනිමටත් හැකියාව ලැබෙනු ඇත.

Source : Qualcomm, Gizmochina