Loading...
Sri Lanka Telecom ආයතනය gamersලා වෙනුවෙන් නව data packages තුනක් හඳුන්වා දීමට කටයුතු කරයි

Sri Lanka Telecom ආයතනය විසින් Gaming සදහා නව Data Bundle කිහිපයක් හදුන්වා දිමට කටයුතු කර තිබෙනවා. මෙලෙස නව Bundle තුනක් හදුන්වා දිමට කටයුතු කර ඇති ඒ Gamer Lite, Gamer Premium හා Streamer Premium Package තුනයි. රු. 500.00 සිට රු. 4000.00 දක්වා මිල පරාසයක් තුල 25GB සිට 150GB දක්වා Gaming සදහා ලබා දෙන්න SLT ආයතනය කටයුතු කරල තියෙනවා. ඒ වගේම මේ සියලු Packgeයන්ගේ වලංගු කාලය මාසයක් වෙනවා.

Gamer Lite

රු. 500.00ක මාසික ගාස්තුවට හදුන්වා දෙන මේ Package එක මගින් අපිට Gaming සදහා 25GB ලබා දෙන්න SLT ආයතනය කටයුතු කරනවා. මේ Package එක SLT Megaline, Fiber හා LTE පාරිභෝගිකයින්ට භාවිතා කිරිමට හැකියි. මේ Package එක මගින් අපිට Gaming Protocols & Platforms 20 ලබා දෙනවා. ඒ වගේම මේ Package එක ලබා ගැනිම තුලින් අපි⁣ට SLT eSports Member Hub එකේ Free Account එකක් ලබා ගැනිමටත් අවස්ථාව ලබා දි තිබෙනවා.

Gamer Premium

රු. 3000.00ක මාසික ගාස්තුවකට හදුන්වා දෙන මේ Package එක මගින් 100GB Data ප්‍රමාණයක් Gaming සදහා ලබා දෙන්න කටයුතු කරලා තියෙනවා. මේ Package එක භාවිත කල හැකි වෙන්නේ SLT Fiber පාරිභෝගිකයින්ට පමණයි. මේ Gamer Premium Package එක මගින් අපිට Gaming Protocols & Platforms 41 ලබා දෙනවා. ඒ වගේම මේ Package එක ගැනිම තුලින් අපිට SLT eSports Member Hub එකේ Premium Account එකක් ලබා ගැනිමට අවස්ථාව තිබෙනවා. මිට අමතරව SLT Gamer Point 100,000ක් සැම මාසයකට වරක්ම ලබා ගැනිමටත් මේ Package එක Active කර ගැනිම තුලින් හැකියාව ලැබෙනවා.

Streamer Premium

Gaming සදහා 150GB ප්‍රමාණයක් රු. 4000.00කට මේ Package එක මගින් ලබා ගත හැකියි. ඒ වගේම මේ Package එකත් භාවිත කල හැකි වෙන්නේ SLT Fiber පාරිභෝගිකයින්ට පමණයි. මේ Streamer Premium Package එක මගින් අපිට Gaming Protocols & Platforms 42ක් ලබා දෙන්න ඔවුන් කටයුතු කරනවා. මේ Package එක ලබා ගන්න අපිට SLT eSports Member Hub එකේ Streamer Account එකක් ලබා ගැනිමටත් SLT Gamer Point 100,000ක් සැම මසකටම වරක් ලබා ගැනිමටත් හැකියාව පවතිනවා.

Gaming Protocols Details

මේ Package සදහා දැනට ලබා දි තිබෙන Gaming Protocols ඉදිරියේදි Update කරන්න බලාපොරොත්තු වෙන බවත් ඔවුන් දන්වා තිබෙනවා. ඒ වගේම මේ දක්වලා තියෙන Package මිල ගණන්වලට රජයේ බදු ඇතුලත් විය යුතු වෙනවා.

Sources : TRCSL