Loading...
AI භාවිතයෙන් Podcast සදහා Auto generated transcript ලබා දීමට Spotify සැර​සේ

ළගදි Spotify සමාගම විසින් Podcast රසිකයන් සදහා හොද ආරංචියක් ගෙන ආව ඔයාලට මතක ඇති. ඒ තමයි ඉදිරියේදී Spotify සමාගම Open AI සමාගම සමග එක්ව Voice translated podcast පහසු කමක් ගෙන ඒමට සැරසෙන බව පැවසීමෙන්. ඉතින් ඒ පුවතේ උණුසුම පහව යන්නටත් කලින් International Podcast day එකට සමගාමීව Spotify සමාගම තවත් විශේෂාංගයක් ගැන නිවේදනය කර තිබෙනවා. ඒ තමයි AI භාවිතයෙන් Spotify හි ඇති සෑම Podcast එකක් සදහාම Auto generated transcript එකක් ලබා දීමට ඔවුන් සැරසෙන බවයි.

Spotify introduces new transcription feature for podcasts. Here's how it  works | Mint

Podcast streaming සේවාවන් ගත්තොත් ඒ තුල තරගකාරීත්වයක් දෙන්නට සමත් වී සිටින සමාගම් විදිහට අපිට් Spotify, Youtube music, Google podcast, Apple music හැදින්විය හැකී. ඉදිරියේදී Google podcast විශ්‍රාම යැවීමට ගත් තීරණය මත එම තරගය Spotify හා Youtube music හා Apple music අතර උද්වේගකර ලෙස ආරම්භ වී ඇති බවයි අපට පෙනෙන්නේ. එහි පළමු ගිණිසිළුව ලෙස Spotify සමාගම මෙවැනි තීරණ ගන්නට ඇතැයි අපට සිතන්නට පුළුවන්.

Spotify සමාගම පවසන ආකාරයට ඔවුන් ලබා දෙන Auto generated transcript සේවාව මගින් podcast රසවින්දකයන්ට ඕනෑම මොහොතක එය රසවිදිය හැකි බවත් බොහෝ පිරිසක් ගැවසෙන අවස්ථාවක වුවද Transcript එක මගින් ඔවුන්ට Audio නොමැතිව උනත් එහි අර්ථය ලබා ගත හැකි බවයි ඔවුන් පවසන්නෙ. Podcast සදහා transcript ලබා දීම මොවුන් 2021 වසරේ මැයි මාසයේදී ආරම්භ කල අතර අවාසනාවකට මෙන් එය සුළු ව්‍යාපෘති කාලයකින් නවත්වන්නට සිදු විය. නමුත් මෙවර මෙය Spotify භාවිතා කරන මිලියන ගණනක් වූ පාරිභෝගිකයන්ට ඉදිරි සතිය ඇතුලත මෙම සේවාව ලබා දීමට සැරසෙන බවද Spotify සමාගම පවසා තිබෙනවා. එසේම මෙය මිලියනයකටත් අදික Podcast සදහා ලබා දීමට වැඩි කලක් නොයන බවයි ඔවුන් පවසන්නේ.

"millions of episodes in the coming weeks"
Spotify Will Begin Generating Automated Transcripts For Certain Podcasts -  Tech

මෙම සේවාව ඔවුන් Mobile මෙන්ම Desktop App සදහා ලබා දීමට සූදානම් අතර මේත් සමගම තවත් විශේෂාංග කිහිපයක් පාරිභෝගිකයන්ට ලබා දීමට ඔවුන් සැරසී සිටී. ඔවුන් Mobile App එක සදහා podcast chapter ලෙස වෙන් කර අවශ්‍ය කොටස පමණක් තෝරා ඇසිය හැකි පරිදි සකසන බවද පවසා ඇත. එය මගින් Transcript එකක් කියවද්දී අපට අවශ්‍ය කොටස පමණක් කියවිය හැකි පරිදිම අත්දැකීමක් ලබා දෙන බවයි ඔවුන් පවසන්නේ. එසේම අලුත් About page එකක් සකසා Podcast නිෂ්පාදකවරුන්ගේ දත්ත, රූපරාමු මෙන්ම ඔවුන්ගේ recommendations ඇතුලත් කිරීමට යන බවද මේ වන විට Spotify සමාගම විසින් පවසා තිබෙනවා.

How to add chapter timestamps on Spotify | ZenCast

මෙම තීරණ Spotify පරිශීලකයන්ට මෙන්ම සුවහසන් podcast රසිකයන්ට ඉතාමත් හොද මෙන්ම බලා සිටිය යුතු දෙයක් වනු නොඅනුමානය.

ඉතින් Audio Streaming දැවැන්තයාගේ මේ අලුත් තොරතුරු පිළිබදව ඉදිරියේදීත් දැන ගන්න එකතු වී සිටින්න Android වැඩකාරයෝ අපි සමගින්.

Source: newsroom.spotify.com www.androidpolice.com