Loading...
Dialog Axiata සමාගම විසින් ඉදිරිපත් කල unlimited internet පැකේජ සහ ගාස්තු සඳහා TRCSL අනුමැතිය හිමිවේ

මීට පෙර ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව ප්‍රකාශ කල ආකාරයටම මේ වෙන විට ශ්‍රී ලංකාව තුල සේවා සපයන දුරකථන සේවා සමාගම් Unlimited Internet Packages හදුන්වා දි තිබෙනවා.

ශ්‍රී ලංකාවේ ජනප්‍රිය දුරකථන සේවා සපයන සමාගමක් වෙන Dialog සමාගම විසින් මේ වෙන විට ඔවුන් ලබා දිමට බලාපොරොත්තු වෙන Unlimited Internet Packages සදහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව වෙතින් අවසර ලබා ගෙන තිබෙනවා.

ඒ අනුව ඔවුන් Home Broadband Customers හා Fiber Customers යටතේ ඔවුන්ගේ Unlimited Internet Packages හදුන්වා දි තිබෙනවා.

Home Broadband Unlimited Internet Packages

මේ යටතේ ඔවුන් විසින් Network Speeds තුනක් යටතේ එක් දිනක් සදහා, දින හතක් සදහා හා දින තිහක් සදහා Unlimited Internet Packages හදුන්වා දි තිබෙනවා.

  1. Unlimited 2Mbps Package
    2Mbps Speed එකක් යටතේ එක් දිනක් සදහා රැ.195.00 ද දින හතක් සදහා රැ.595.00 ද දින තිහක් සදහා රු. 1,990.00 ද අය කරනු ඇත.
  2. Unlimited 4Mbps Package
    4Mbps Speed එකක් යටතේ එක් දිනක් සදහා රැ.360.00 ද දින හතක් සදහා රැ.1160.00 ද දින තිහක් සදහා රු. 4,390.00 ද අය කරනු ඇත.
  3. Unlimited 8Mbps Package
    8Mbps Speed එකක් යටතේ එක් දිනක් සදහා රැ.660.00 ද දින හතක් සදහා රැ.1960.00 ද දින තිහක් සදහා රු. 6,590.00 ද අය කරනු ඇත.

මේ Packages සියල්ලම Dialog Home Broadband Prepaid හා Postpaid පාරිභෝගිකයන් සදහා හිමි වෙනවා. ඒ වගේම Telegram හා Torrent වෙබ් අඩවි සදහා 1Mbps දක්වා Network Speed එක සිමා විමක් සිදු වෙනවා. ඒ වගේම Voice Service එක සදහා කිසිදු අමතර අයවිමක් සිදු නොවන අතර අවශ්‍යතාව අනුව Pre Second හෝ Per Minutes Packages තෝරා ගන්න පුලුවන්.

සැ. යු. ඉහත දක්වා ඇති පැකේජයන්හි මිල රජයේ අදාල බදු ඇතුලත්ව ඇති මිල වේ.

Fiber Unlimited Internet Packages

Dialog ආයතනය විසින් Fiber පාරිභෝගිකයන් සදහා නව Internet Packages 08 ක් හදුන්වා දී තිබෙන අතර මින් 05 ක් Quote Based Packages වෙන අතර අනෙක් තුන Unlimited Packages ලෙස හදුන්වා දි තිබෙනවා. ඒ වගේම මේ Unlimited Packages සදහා Telegram හෝ Torrent වෙබ් අඩවි ආදිය සදහා ද අදල Packages සදහා එම Network Bandwidth එකම හිමි වෙනු ඇත.

Quota Based Packages

100Mbps Network Bandwidth එකක් සමග Any Time Quota Based Packages පහක් හදුන්වා දි තිබෙන අතර Data Extension සදහා Standard Data Extension Price වැය වෙනු ඇත.

  1. Any Time 80GB
    100Mbps Bandwidth එකක් සහිතව මේ Package එක රු. 1,700 මුදලකට (බදු රහිතව) ලබා ගත හැකි වෙනවා. ඒ වගේම මේ Package එක ලබා ගත හැකි වෙන්නේ Network Node එකේ සිට මිටර් 10ක් ඇතුළත සිටින පාරිභෝගිකයන්ට පමණයි.
  2. Any Time 120GB
    100Mbps Bandwidth එකක් සහිතව මේ Package එක රු. 2,400 මුදලකට (බදු රහිතව) ලබා ගත හැකි වෙනවා. ඒ වගේම මේ Package එක ලබා ගත හැකි වෙන්නේ Network Node එකේ සිට මිටර් 15ක් ඇතුළත සිටින පාරිභෝගිකයන්ට පමණයි.
  3. Any Time 165GB
    100Mbps Bandwidth එකක් සහිතව මේ Package එක රු. 3,300ක මුදලකට (බදු රහිතව) ලබා ගත හැකි වෙනවා. ඒ වගේම මේ Package එක ලබා ගත හැකි වෙන්නේ Network Node එකේ සිට මිටර් 20ක් ඇතුළත සිටින පාරිභෝගිකයන්ට පමණයි.
  4. Any Time 225GB
    100Mbps Bandwidth එකක් සහිතව මේ Package එක රු. 4,300ක මුදලකට (බදු රහිතව) ලබා ගත හැකි වෙනවා. ඒ වගේම මේ Package එක ලබා ගත හැකි වෙන්නේ Network Node එකේ සිට මිටර් 20ක් ඇතුළත සිටින පාරිභෝගිකයන්ට පමණයි.
  5. Any Time 365GB
    100Mbps Bandwidth එකක් සහිතව මේ Package එක රු. 6,700ක මුදලකට (බදු රහිතව) ලබා ගත හැකි වෙනවා. ඒ වගේම මේ Package එක ලබා ගත හැකි වෙන්නේ Network Node එකේ සිට මිටර් 20ක් ඇතුළත සිටින පාරිභෝගිකයන්ට පමණයි.

Unlimited Packages

10Mbps, 25Mbps හා 50Mbps යන Network Bandwidth යටතේ Unlimited Internet Packages තුනක් හදුන්වා දි ඇති අතර මේ Packages සියල්ල ලබා ගත හැකි වෙන්නේ Network Node එකේ සිට මිටර් 20 ඇතුළත සිටින පාරිභෝගිකයන්ට පමණයි.

  1. Unlimited 10Mbps Package
    10Mbps Bandwidth එකක් සහිතව මේ Package එක රු. 5,990ක මුදලකට (බදු රහිතව) ලබා ගත හැකි වෙනවා. ඒ වගේම මේ Package එක ලබා ගත හැකි වෙන්නේ Network Node එකේ සිට මිටර් 20ක් ඇතුළත සිටින පාරිභෝගිකයන්ට පමණයි.
  2. Unlimited 25Mbps Package
    25Mbps Bandwidth එකක් සහිතව මේ Package එක රු. 9,990ක මුදලකට (බදු රහිතව) ලබා ගත හැකි වෙනවා. ඒ වගේම මේ Package එක ලබා ගත හැකි වෙන්නේ Network Node එකේ සිට මිටර් 20ක් ඇතුළත සිටින පාරිභෝගිකයන්ට පමණයි.
  3. Unlimited 50Mbps Package
    50Mbps Bandwidth එකක් සහිතව මේ Package එක රු. 19,990ක මුදලකට (බදු රහිතව) ලබා ගත හැකි වෙනවා. ඒ වගේම මේ Package එක ලබා ගත හැකි වෙන්නේ Network Node එකේ සිට මිටර් 20ක් ඇතුළත සිටින පාරිභෝගිකයන්ට පමණයි.

Fiber පාරිභෝගිකයන් සදහාත් Voice Service එක අමතර සේවා ගාස්තුවකින් තොරව අවශ්‍ය පරිදි Per Second හෝ Per Minutes Packages වලින් ලබා ගැනිමේ හැකියාව පවතිනවා.

Source : Telecommunications Regulatory Commission of Sri Lanka