Loading...
Vivo සමාගම විසින් OriginOS නම් ඔවුන්ගේ නවතම UI එක එලිදැක්වීම ගැන ඉඟි පල කරයි

වර්තමාන සැම Smartphone නිෂ්පාදකයෙක් වගේම ඔවුන්ගේම Custom User Interface එකක් Android OS එක සමග යොදා ගන්නවා. Vivo සමාගම විසින් මේ වන විට ඔවුන්ගේම Custom User Interface එකක් වෙන FunTouch OS එක භාවිත කරනවා. හැබැයි Vivo සමාගම විසින් නිල වශයෙන් තහවුරැ කරලා තියෙනවා ඔවුන්ගේ මේ FunTouch OS එක Origin OS මගින් Replace වෙන බව නිවේදනය කර තිබෙනවා.

ඒ වගේම Vivo සමාගම විසින් ඔවුන්ගේ නිල Weibo ගිණුමේ මේ පිළිබඳව දක්වා තිබෙනවා. මේ නව Custom User Interface එක “Brave New World” යන Tagline එක සමග ඉදිරිපත් කර තිබෙනවා. ඒ වගේම Vivo සමාගම විසින් තම පාරිභෝගිකයින්ට Origin OS එක සහිත Interface එක හෝ Stock Android OS එක සහිත Interface එක තොරා ගැනිමට ඉඩ ලබා දෙන බවත් දක්වා තිබෙනවා. ඒ වගේම Vivo හි මේ නව Origin OS එකේ Designer ලෙස කටයුතු කරනු ලැබ ඇත්තේ Apple සමාගමේ Designer කෙනෙක් බවත් වැඩිදුරටත් වාර්තා වෙනවා.

Origin OS එක නොවැම්බර් 19 වන දින චිනයේදි නිල වශයෙන් නිකුත් වෙනු ඇතැයි බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඒ වගේම මෙය දැනට වෙළදපොල තුල පවතින Vivo Smartphone සදහා ලබාගත හැකි වනු ඇති බවත් වාර්තා වෙනවා.

Sources : Gizmochina