Loading...
2021 නිකුත් වීමට නියමිත iPhones සඳහා Always-on-display සහ in-display fingerprint පහසුකම ලබා දෙන බවට තොරතුරු පලවේ

2021 iPhone series එක ගැන මේ වන විට rumors පල වී තිබෙනවා. එයින් විශේෂම features කිහිපයක් විදියට, Always On Display, in-display fingerprint sensors සහ 120Hz refresh rate එකක් සහිත display එකක් ද iPhone 13 series එකේ එහෙමත් නැත්තම් 12s series එකත් සමග නිකුත් වේ යැයි rumors පවතිනවා.

මේ තොරතුරු ප්‍රසිද්ධ leaker කෙනෙක් වල Max Wienbach විසින් EverythingApplePro YouTube channel එකත් එක්ක මේ leaks share කරගෙන ඇත. එහි වීඩියෝව පහතින් දක්වා ඇත.

‌In-Display Fingerprint Sensor

Apple සමාගම වසර ගණනාවක්ම iPhone වල biometric security එක විදියට capacitive fingerprint sensors භාවිතා කළා.නමුත් 2017 වසරේදී එළිදැක්වූ iPhone X දුරකථනයත් සමග ඔවුන්ගේ biometric security එක විදියට Face ID එක කරලියට පැමිනියේය. නමුත් එම වසරේ නිකුත් උනු iPhone 8 හා iPhone 8 plus යන devices වලට capacitive fingerprint sensors පැමිණියේය.

2018 වසරේදී ඔවුන්ගේ flagship device දෙක වූ iPhone XS හා iPhone XS max දුරකථනත් සමග ඔවුන් සම්පූර්ණයෙන්ම ඔවුන්ගෙ capacitive fingerprint sensors ඉවත් කල අතර ඉන්පසු 2020 දී release උන iPhone 12 series එක දක්වාම fingerprint sensors එකක් ඔවුන් භාවිතා නොකලේය. නමුත් ඒ අතරේදී නිකුත් කල iPhone SE2 එක සමඟ fingerprint sensor ලබාදීමට ඇපල් සමාගම කටයුතු කලේය.

නමුත් iPhone 13 series එක සමග එය වෙනස් විය හැකිය. දැනට පවතින වසංගත තත්වයත් සමග සියලු දෙනා mask පලදින නිසා මේ කාලය තුළ වඩා ප්‍රායෝගික වන්නේ fingerprint sensor එකක් නිසා මෙම in-display fingerprint sensor එකක් පැමිණෙනන බවට ඇති rumor එක සත්‍යක් වීමට විශාල ඉඩකඩක් පවතී.

Always On Display

මෙම feature එක නම් අවුරුදු ගණනාවකම පටන් බොහෝ android smartphones වල දක්නට ලැබුණි. මෙමගින් smartphone එක ස්පර්ශ කිරීමකින් තොරව ඕනෑම time, notifications ආදී වැදගත් තොරතුරු කෙටියෙන් ඉතා පහසුවෙන් බලාගත හැකිවනු ඇත.

120 Hz Display Refresh Rate

මෙතෙක් කල් iPhone සමග පැමිණියේ 60 Hz refresh rate එකක් සහිත display වේ. නමුත් පුදුමයට කරුණ ඔවුන්ගේ iPad වල 120 Hz refresh rate එකක් සහිත display සමග පැමිණියේය.එමනිසා මෙවර iPhone series එක 120 Hz display එකක් සමග පැමිනෙන බවට ඇති rumor එකත් සත්‍යයක් වීමට බොහෝ ඉඩකඩ ඇත.

Source‌‌: Android Authority