Loading...
iPhone 15 Pro මාදිලි සඳහා 2TB දක්වා වූ ධාරිතාවයක් ලබා දීමට සූදානම් වන බවට තොරතුරු වාර්තා වෙයි

Apple සමාගම විසින් ඔවුන්ගේ නවතම iPhone 15 Series එක එළඹෙන සැප්තැම්බර් මස 13 වන දින පැවැත්වීමට සුදානමින් සිටින බවට මේ වන විට තොරතුරැ වාර්කා වෙමින් පවතිනවා. ඒ වගේම මේ වන විට මේ iPhone Series එක පිළිබඳව තොරතුරැ රැසක් නිල නොවන අයුරින් වාර්තා වි අවසන්.

ඒ අතර,

ආදි තොරතුරැ රැසක් ඔබ වෙත ගෙන එනු ලැබුවා.

ඒ වගේම iPhone 15 Pro මාදිලී පෙර වසර නිකුත් වු iPhone 14 Pro මාදිලිවලට වඩා ඩොලර් 100න් පමණ මිළ ඉහළ යා හැකි බවත් අප ඔබ වෙත වාර්තා කරනු ලැබුවා.

මේත් සමඟ වාර්තා වන නවතම තොරතුරැවලට අනුව iPhone 15 Pro මාදිලිවල ධාරිතාවය වැඩි වීමක් ද අපේක්ෂා කරන්න පුලුවන්. පසුගිය වසර නිකුත් වු iPhone 14 Pro මාදිලි 128GB, 256GB, 512GB සහ 1TB ධාරිතාවයන්ගෙන් නිකුත් වු අතර නුදුරේදීම එළිදැක්වීමට නියමිත iPhone 15 Pro මාදිලි සඳහා 2TB දක්වා වු ධාරිතාවයක් ලබා දීමට Apple සමාගම සුදානමින් සිටින බව වාර්තා වන නවතම තොරතුරැවලට අනුව දක්වන්න පුලුවන්. ඒ අනුව මේ iPhone 15 Pro මාදිලි 256GB, 512GB, 1TB සහ 2TB ධාරිතාවයන්ගෙන් මිලදී ගැනිමට හැකි වනු ඇතැයි බලාපොරොත්තු වෙන්න පුලුවන්.

Source: gsmarena.com