Loading...
‘Platform Stability’ සමගින් Android 13 Beta 3 සංකරණ​ය කරළියට පැමිණෙයි

ප්‍රථමයෙන් කිව යුත්තේ මෙයින් පෙනී යන්නේ ස්ථාවර Android 13 අනුවාදය සදහා අප බොහෝ ළං වී ඇති බවයි. කෙසේ වෙතත්, මෙම update කිරීම තුලින් ඔබ සිතූ පරිදි නව විශේෂාංග ගෙන ඒමක් සිදු වන්නේ නැත. Android 13 සඳහා අවශ්‍ය වන Platform Stability වල නිල API Level 33 SDK, සහ NDK API ඇතුළුව සියලුම app-facing behaviors සහ APIs මේ වන විට සාදා අවසන් බව පවසා ඇත. එම හේතුවෙන්, developers ලට ඔවුන්ගේ ගැළපෙන නව update සිදු කිරීම් වැඩි පැකිලීමකින් තොරව සිදු කළ හැකිය.

Android 13 හි 3 වන බීටා යෙදුම් සදහා developersල විසින් ඔවුන්ගේ නව යෙදුම් සඳහා සියලුම අවසාන compatibility පරීක්ෂණ කිරීමට ඉඩ සලස ලබා දී ඇත. මෙම පරීක්ෂණ සිදු කිරීමේදී developersල විසින් සලකා බැලිය යුතු පරාමිති ගණනාවක් Google විසින් ලැයිස්තුගත කර ඇත. ඔබට මෙහි විස්තර දෙස බැලිය හැකිය.

මෙම අනුවාදයෙන් Beta 3 පරිශීලකයින් සඳහා නව වැඩිදියුණු කිරීම් සහ නිවැරදි කිරීම් කිහිපයක් ගෙන එන බව පැවසේ. ඇන්ඩ්‍රොයිඩ් සහය දක්වන දුරකථනයක ඇඟිලි සලකුණු ස්කෑනරයකින් unlock ක​රන විට Display එක මත කොළ පැහැයක් ගැනී​මේ ගැටලුව නිරාකරණය කර ඇති අතර copy-paste කිරීමේ හැකියාවන්ද වැඩි දියුණු කර ඇති බව පැවසේ. එමෙන්ම all apps search result පිටුවෙහි swipe කරන අතරතුර Pixel උපාංගවල Pixel Launcher එක බිඳ වැටීමට හේතු වන ගැටලුව ද සොයා බලා එය විසදා ඇති බව පැවසේ.

Android 13 Beta 3 දැන් ලබා ගත හැකි අතර Android 13 සඳහා දැනටමත් ලියාපදිංචි වී ඇති අයට, OTA ලෙස යාවත්කාලීනයක් ලැබෙනු ඇත. දැන් ලියාපදිංචි වීමට කැමති අයට මෙතැනට යන්න පුළුවන්.

Android 13 නිල වශයෙන් නිකුත් කිරීමට පෙර ජූලි මාසයේදී Google විසින් බොහෝ විට තවත් බීටා යාවත්කාලීනයක් නිකුත් කරනු ඇත. ස්ථාවර Android 13 සංස්කරණය වසර අගදී නිකුත් කිරීම​ට අපේක්ෂා කෙරේ. නමුත්, new notification permissions, photo picker, per-app language support සහ තවත් බොහෝ දේ සමඟ සමස්ත අත්දැකීම වැඩිදියුණු කිරීමට අරමුණු කරයි. Privacy සහ security features කිහිපයක් ද එක්කර ඇති බව පැවසේ.

Source: Beebom