Loading...
Laser තාක්ෂණය ‍යොදාගෙන Airdrop හරහා Files හුවමාරුවට Apple සමාගම සැරසෙයි

Apple Devices වලට තාක්ශනයෙන් ඉතාමත් ඉදිරියෙන් සිටි wireless file share system එකක් වන AirDrop දැන් කාලාන්තරයක් තිස්සේ පැවතුනා. මෙහිදී ඉතාමත් වේගයෙන් videos, documents, photos ඇතුලු බොහෝ දෑ Apple device අතර හුවමාරු කරගැනීමට පුලුවන් වෙනවා. මෙවැනි සාර්තක වගේම සරල ක්‍රමයක් තවමත් Android Operating System වල නොතිබීමද විශේෂ කරුනක් වෙනවා.

නමුත් Apple සමාගම මේ AirDrop තව තවත් වේගවත් හා ඒ මගින් තවත් විශාල Files share කරගැනීමට හැකිවන නව තාක්ශනයක් මේ වන විට අත්හදා බලමින් සිටිනවා. මේ සදහා අවැසි Patent බලපත්‍රය මේ වන විට Apple සමාගමට USPTO මගින් ලබාදී තිබෙනවා.

මෙහිදී Apple සමාගම මේ ඉදිරි Wireless File Share System එක සදහා Laser තාක්ශනය ‍යොදාගැනීමට සැරසෙන අතර එමගින් අති විශාල දත්ත පවා ඉතා වෙගයෙන් හුවමාරු කරගත හැකි වෙනවා. ඒ වගේම එක් දිශාවකට පමනක් දත්ත යොමු කරනා නිසා මේ දත්ත හුවමාරු ක්‍රමය ඉතාමත් සුරක්ෂිත වන බවයි ආරංචි වන්නේ.

ඉතිං ඔයාලා හිතනවා වෙන්න පුලුවන් මේ Laser මගින් දත්ත හුවමාරු කරගැනීමට Laser transmitter එක හා Laser Receiver එක කොහොමද යා කරගන්නේ කියලා. ඇත්තටම මෙතනදි Apple සමාගම movable lenses ඔස්සේ Laser Trajectory Automatic Target ක්‍රමවේදයක් යෝදාගන්නා අතර මේ නිසා ඉතා පහසුවෙන් මෙය සිදු කල හැකි වෙනවා.

ඒ වගේම මේ වන විට iPad Pro 2020 හි ඇති හා ඉදිරියට එන්නට නියමිත iPhone 12 Pro මාදිලි සදහා පැමිනෙන්නට නියමිත LiDAR Scanner එක සදහාද Laser තාක්ශනය ‍යොදාගන්නා අතර මේ LiDAR sensor එක මේ File Transfer System එකට යොදාගත හැකි වෙනවා. ඒ වගේම දැනටත් Apple iPhone 11 Series එකේ ඇති U1 Chip එක මගින් අවට වටාපිටාව පහසුවෙන් හදුනාගත හැකි වන අතර මෙයද උපයෝගී කරගෙන මෙම තාක්ශනය ක්‍රියා නැංවිය හැකි වෙනවා.

මේ කෙසේ වෙතත් Apple සමාගම Patent බලපත්‍රයක් ගත් පමනින් මේ තාක්ශනය එලි දක්වනවා කිව නොහැකි. මන්ද Apple සමාගම අනාගත තාක්ශනයන් සදහා බොහෝ අත්හදාබැලීම් සිදු කරන අතර මේ සියල්ලෙන් ඉතාමත් සාර්තක වන අතලොස්සක් පමනක් කරලියට පැමිනෙයි ඒ වගේම Apple සමාගම සාමාන්‍යයෙන් තාක්ශනික කරුනු වසර ගනනක් අත්හදා බලනා හෙයින් මෑතකදී මෙය එලි දකීවි යැයි කිව නොහැකි.

කෙසේ නමුත් Apple , Google වැනි ඉතා අතලොස්සක් සමාගම් පමනක් මෙසෙ නව තාක්ශනයන් වැඩි දියුනු කිරීමට වෙහෙස මහන්සි වෙන නමුත් බොහෝ අදබාල සමාගම් කරන්නේ යමෙක් කල දෙයක් කුඩාවට වෙනස් කොට රැල්ලට අනුව වෙලද පොලට දමා මුදල් ඉපයීමයි. එමගින් ඔවුන් research and development සදහා සතයකුදු වියදම් නොකරයි. මෙමගින් Smartphone ලෝකයේ දියුනුවට කිසිදු දායකත්වයක් නොලැබෙයි.එම නිසා මෙසේ සමාගම් විවිද මානයන් ඔස්සෙ නව අතහදාබැලීම් කිරීම අවසානයේ Consumers වන අපගේ පහසුවට උපකාර වනු ඇත.