නවතම වාර්තාවලට අනුව Apple සමාගමේ ගෙවීම් සේවාව වන Apple Pay මේ වසර තුළ ඉන්දියාව සඳහා නිල වශයෙන් හදුන්වා දීමට සැලසුම් කරමින් සිටන බව දක්වන්න පුලුවන්. Apple Pay ඉන්දියාව සඳහා හඳුන්වා දීම සඳහා අවශ්‍ය නියාමන අනුමැතිය ලබා ගැනීමට සහ දේශීය බැංකු පද්ධතිය සමඟ ඒකාබද්ධ වීමට Apple සමාගම මේ වන විට කටයුතු කරමින් සිටින බවත් වාර්තා වනවා.
ඉන්දියාව තුළ iPhone භාවිතය සහ අලෙවිය වේගයෙන් වර්ධනය වීමත් සමඟ පරිශීලකයින්ට වඩාත් පහසු සහ ආරක්ෂිත ගෙවීම් ක්‍රමවේදයක් ලබා දීම මෙහි ප්‍රධාන අරමුණ බවයි දැක්වෙන්නේ. එමෙන්ම පසුගිය වසරේදී Apple සමාගම ඉන්දියාව තුළ සිය ඉහළම අලෙවිය වාර්තා කිරීමත් මේ සඳහා හේතු වී ඇති බවට සදහන් වෙනවා.
මේ අනුව ඉන්දියාවේ සිටින iPhone පරිශීලකයින්ට භෞතික කාඩ්පත් රැගෙන යාම වෙනුවට, ඉතා ආරක්ෂිතව සිය දුරකථනය හෝ Apple Watch එක භාවිතයෙන් ගෙවීම් කිරීමේ හැකියාව මෙමඟින් උදා වන අතර මෑතකදී Cashfree Payments සහ Razorpay වැනි ආයතන හරහා ඉන්දියානු වෙළෙන්දන්ට ජාත්‍යන්තර Apple Pay ගෙවීම් භාර ගැනීමට ඉඩ ලබා දීමත් මෙහි මූලික පියවරක් ලෙස සලකන්න පුලුවන්.
මෙම සේවාව දියත් කිරීම සම්බන්ධයෙන් Apple සමාගමෙන් තවමත් නිල ප්‍රකාශයක් නිකුත් වී නොමැති වුවද, 2026 වසරේ දෙවන භාගය වන විට ඉන්දියානු පාරිභෝගිකයින්ට මෙය භාවිත කිරීමට අවස්ථාව ලැබෙනු ඇතැයි විශ්වාස කරෙනවා. එමෙන්ම ශ්‍රී ලංකාවට ආසන්නතම ඉන්දියාවට Apple Pay පැමිණීම, ඉදිරියේදී ශ්‍රී ලංකාව වැනි අනෙකුත් දකුණු ආසියාතික රටවලට ද මෙම සේවාව ව්‍යාප්ත වීමට හොඳ පෙරනිමිත්තක් ලෙස සැලකිය හැකි වනවා. එමෙන්ම මේ වන විටත් ශ්‍රී ලංකාවේ විවිද මූල්‍ය ආයතන Apple Pay ගෙවීම් භාර ගැනීමත් ආරම්භ කර තිබෙන නිසා ඉතා ඉක්මනින් ශ්‍රී ලංකාව සඳහාත් මේ සේවාව ලැබෙනු ඇතැයි බලපොරොත්තු වන්න පුලුවන්.
Source: www.business-standard.com www.macrumors.com








