ඇපල් සමාගම සෑම වර්ෂයකම පාහේ සැප්තැම්බර් මාසයේ ඔවුන්ගේ නව ජංගම දුරකථන හඳුන්වා දීමේ event එක පවත්වන අටහ්‍ර මුළෝකයේම දෑස් යොමු වී ඇති අවස්තාවක් බව නොරහසකි. නමුත් 2020 වර්ෂයේදී මේ පවතින් වසංගත තත්වය හමුවේ ඇපල් සමාගම විසින් එම event එක ඔක්තෝම්බර් මාසයේ පැවැත්වීමට තීරණය කර ඇති අතර මෙවර ඔවුන් 5G තාක්ෂණයෙන් යුතු තම පළමු ජංගම දුරකථන පෙල නිකුත් කිරීමට සූදානම් වේ.
මේ අතර අපට අසන්නට ලැබෙන පුවත වන්නේ ඇපල් සමාගම විසින් ඔවුන්ගේ නව ජංගම දුරකථන පෙල එලි දැකිවීමත් සමඟම මීට පෙර නිකුත් කල ජංගම දුරකථන කිහිපයක නව නිෂ්පාදනය අත්හිටුවීමට කටයුතු කරන බවයි.
@iAppelTimes නම් Twitter ගිණුමෙහි පලවී තිබූ Twitter පණිවිඩයකට අනුව iPhone 12 series එක launch කිරීමෙන් පසුව Apple සමාගම විසින් iPhone XR, iPhone 11 Pro සහ iPhone 11 Pro Maxහි නව දුරකථන නිෂ්පාදන කටයුතු අත්හිටුවන බව සඳහන් වී ඇත.
iPhone XS series එකේදී නිකුත් උන iPhone XRහී ඊලඟ අනුප්‍රාප්තිකයා වූ iPhone 11 seriesහි iPhone 11හි නිෂ්පාදන කටයුතු මෙහිදී අත්හිටුවන බව සඳහන් නොවන අතර එහි වර්තමාන මිල වන $699 මිල $549 දක්වා $150කින් පහත දැමෙනු ඇතැයි එහි සඳහන් වෙනවා.
Apple to discontinue iPhone XR and iPhone 11 Pro models after iPhone 12 launch.
— iAppleTimes (@iAppleTimes) August 20, 2020
iPhone 11 at $549
නමුත් ඔබට ප්‍රශ්නයක් ඇති ඇපල් සමාගම iPhone 11හි නිෂ්පාදන කටයුතු ඉදිරියට පවත්වාගෙන යාමටත්, iPhone 11 Pro සහ 11 Pro Maxහි නිෂ්පාදන කටයුතු නැවැත්වීමටත් හේතුව කුමක්ද යන්න. මෙය ඇපල් සමාගම විසින් පලමු වතාවට සිදු කරන්නක් නොව. iPhone සඳහා වසර 10 සැපිරීම වෙනුවෙන් 2017 වර්ෂයේ නිකුත් කල iPhone X දුරකථනය ඔවුන් විසින් 2018 වර්ෂයේදීද, 2018 වර්ෂයේ නිකුත් කල XS සහ XS Max දුරකථන 2019 වර්ෂයේ iPhone 11 Pro සහ 11 Pro Max නිකුත් කිරීමේදීද එම මාදිලියේ දුරකථන වල නිෂ්පාදන කටයුතු අත්හිටවීම සිදු කරන ලදී.
නමුත් XS සහ XS Max අත්හිටුවීමේදී ඒ සමඟම නිකුත් වූ XRහි නිෂ්පාදන කටයුතු අත්හිටුවීම නොකල අතර එය 2020 වර්ෂයේදී ඇපල් සමාගම විසින් අත්හිටුවනු ඇත. එමෙන්ම නව ජංගම දුරකථන හඳුන්වාදී නිකුත් කිරීමෙන් පසුව පැරණි මාදිලිවල ජංගම දුරකථන නිෂ්පාදනය කිරීමේ සාධාරණ හේතුවක් පවතීද යන්නත් සාමාන්‍ය දැනුම ඇසුරෙන් පිළිතුරු ලබා ගත යුතු ප්‍රශ්නයකි.
Sources: Hindustan Times, WCCFTECH