Loading...
iPhone 14 මාදිලිය නිකුත් කරන දිනය පිළිබඳව නිල නොවන වාර්තාවකින් හෙළි වෙයි

Apple සමාගම ඔවුන්ගේ මීළඟ iPhone Series එක ලෙස iPhone 14 එළිදැක්වීමට සූදානම් ව සිටිනවා. iPhone 14 device එක ඉදිරි මාස කිහිපයදී එළිදැක්වීමට නියමිත නමුත් Apple සමාගම විසින් එම දිනය පිළිබඳව තවමත් නිල වශයෙන් තහවුරු කර නොමැත. කෙසේනමුත් වාර්තාවක් තුළින් iPhone 14 මාදිලිය නිකුත් කරන දිනය පිළිබඳව හෙළි වී තිබෙනවා.

Apple iPhone 14 Pro Render Leak

iHacktu ileaks වෙබ් අඩවිය විසින් පළ කර ඇති මේ වාර්තාව තුළින් පෙනී යන්නේ Apple iPhone 14 series එක සැප්තැම්බර් 13වන දින එළිදැක්වීමට නියමිත බවයි. මෙහි pre orders භාර ගැනීම සැප්තැම්බර් 16වන දින ආරම්භ වන බවත් සැප්තැම්බර් 23වන දින සිට මෙහි බෙදාහැරීම් කටයුතු සිදුවන බවත් එම වාර්තාවේ වැඩි දුරටත් සඳහන් වෙනවා.

මෙතෙක් පළ වී ඇති වාර්තා මත පදනම්ව වෙනදා මෙන් නොව මෙවර iPhone 14 series එක iPhone 14, iPhone 14 Max, iPhone 14 Pro, and iPhone 14 Pro Max ලෙසින් මාදිලි 4කින් නිකුත් වීමට ඉඩ තිබෙනවා. Phone 14 සහ 14 Pro අඟල් 6.1 ක display එකකින් යුක්ත වන අතර, 14 Max සහ 14 Pro Max හි අඟල් 6.7 display එකක් ඇති බව එම වාර්තා වැඩි දුරටත් සඳහන් කරනවා.

කෙසේවෙතත් Apple සමාගම විසින් iPhone 14හි launching event එක පිළිබඳව ඉදිරි සති දෙක තුළදී නිල වශයෙන් නිවේදනයක් නිකුත් කරනු ඇතැයි බොහෝ දෙනා අපේක්ෂා කරනවා.

Sources: Gizmochina