Counterpoint Research ආයතනයේ නවතම දත්ත වාර්තාවලට අනුව පසුගිය වසර, එනම් 2025 වසරේදී ලෝව වැඩිම අලෙවියක් වාර්තා කළ Smartphone 10 අතර ආධිපත්‍යය පැතිරවීමට Apple සහ Samsung සමාගම් සමත්ව තිබෙනවා. විශේෂයෙන්ම 2025 වසරේ තුන්වන කාර්තුව වන විට වැඩිම අලෙවියක් සහිත දුරකථන 10න් 5ක්ම Apple සමාගමටත්, ඉතිරි 5න් 4ක්ම Samsung සමාගමටත් හිමිව තිබෙනවා. කෙසේ වෙතත් මේ අතර Samsung හෝ වෙනත් කිසිදු සමාගමක් මිල අධික (premium) දුරකථන කිසිවක් නොතිබීම් විශේෂ වනවා.
2025 වසරේ වැඩිම අලෙවියක් ලැබූ ස්මාර්ට්ෆෝන් මාදිලි
- iPhone 16 (Base Model): 2025 වසරේ පළමු කාර්තුවේ සිටම ලොව වැඩියෙන්ම අලෙවි වූ Smartphone එක මෙයයි. එමෙනම වසර දෙකකට පසු Pro Max මාදිලිය අභිබවා Base Model එකක් පෙරමුණට පැමිණීමත් විශේෂත්වයක්.
- iPhone 16 Pro Max: දෙවන ස්ථානය හිමිකරගෙන ඇති අතර, මෙය ඉහළ මිලක් සහිත (Premium) දුරකථන අතර ප්‍රමුඛයා වනවා.
- iPhone 16 Pro: තෙවන ස්ථානය ද Apple සතු වනවා.
- Galaxy A16 5G (Samsung): Android දුරකථන අතර ලොව වැඩියෙන්ම අලෙවි වූ මාදිලිය බවට මෙය පත්ව තිබෙන අතර Samsung හි අලෙවියෙන් වැඩි ප්‍රමාණයක් රඳා පවතින්නේ ඔවුනගේ ඉහළ මිලක් සහිත (Premium) දුරකථන මාදිලිවලට වඩා මේ Galaxy A මාදිලි මත වීම විශේෂයි.
- iPhone 17 Pro Max: සැප්තැම්බර් මාසයේදී නිකුත් වූ iPhone 17 Series එකද වේගයෙන් අලෙවි වෙමින් පවතින අතර, විශේෂයෙන්ම 17 Pro Max මාදිලිය සැප්තැම්බර් මාසයේ තනිවම වැඩිම අලෙවියක් ලැබූ දුරකථනය බවට පත්විය.

ප්‍රධාන නිරීක්ෂණ;
- Samsung හි ආධිපත්‍යය: Samsung සමාගම ලැයිස්තුවට ඇතුළත් කළ මාදිලි 5ම අයත් වන්නේ Galaxy A ශ්‍රේණියට වනවා. ඒ Galaxy A16, A06, A36 සහ A56 යි. කෙසේ නමුත් Galaxy S25 Ultra මාදිලිය ද මුල් 10 අතර රැඳී සිටීමට සමත් වී තිබෙනවා. නමුත් Samsung සමාගමේ ප්‍රධාන ප්‍රතිවාදියා වන Apple සමාගම සමග සැසදීමේදී Samsung සමගම යම් පසු බැමකට ලක් වී ඇති බව දක්වන්න පුලුවන්.
- Apple හි ඉදිරිගමන: 2026 වසර අවසානය වන විටත් මේ ලෙසම Samsung අභිබවා යාමට Apple සමාගම සමත්ව වනු ඇති බවට වාර්තා වනවා. ඒ ඔවුන්ගේ නව AI විශේෂා0ගයන් සමඟිනුයි.
- Xiaomi හි තනි සටන: මුල් 10 අතර Apple සහ Samsung නොවන එකම සමාගම වන්නේ Xiaomi සමාගම වන අතර ඔවුන්ගේ Redmi 14C මාදිලිය මැදපෙරදිග සහ ලතින් ඇමරිකානු රටවල ඉතා ජනප්‍රිය වී තිබෙනවා.









