Loading...
Android 15 එක්ක ආපු මේ අළුත් features ඔයත් try කරලා බැලුවද?

Google හි නවතම Android update වන Android 15 , Vivo හා IQOO දුරකථන මාදිලි වලින් පසුව Google pixel දුරකථන වෙත නිකුත් කිරීම පසුගිය ඔක්තෝබර් 15 වන දින සිට ඇරඹුන බව ඔබ දැනටමත් දන්නවා.

අපි හැමෝම දන්නා පරිදි Pixel දුරකථනවල මෙහෙයුම් පද්ධතිය Stock Android වලට ඉතාමත් සමීප වෙනවා. Android 14 වලට සාපේක්ෂව කැපී පෙනෙන UI වෙනස්කම් නම් Android 15 ඔස්සේ දැක ගැනීමට නැහැ. අපි දැන් බලමු Android 15 සමග Pixel දුරකථන වලට ලැබුණු නවතම හා ප්‍රමුඛතම විශේශාංග මොනවද කියලා.

  • Theft protection - දුරකථනය භාවිතා කරමින් සිටින විටදී යමෙකු විසින් එය උදුරා ගෙන දිව යාවමට තැත් කල විට දුරකතනය ස්වයංක්‍රීයව ලොක් වීම සිදුවේ.
    (Android 15 නොමැති වුවත් සමහර Android 10+ devices වලට මෙය දැනටමත් ලැබී ඇත)
  • Private Space - ඔබගේ සංවේදී තොරතුරු ඇති Apps (Social,Dating ,Banking ) ආදිය සඟවා තැබීමටත් සහ Fingerprint හෝ password එකක් මගින් එයට ප්‍රවේශ වීමටත් ඇති හැකියාව.
  • Pixel foldables හා Tablets සදහා Taskbar එක pin හෝ unpin කිරීමේ හැකියාව.
  • App pairing - මේ හරහා ඔබ කැමති App දෙකක් තෝරාගෙන එය App pairing මගින් තනි ඇප් එකක් ආකාරයට සකසා එකවර ඇප් දෙකම open කල හැකිය. එවිට එම ඇප් දෙක split screen ආකාරයට open වීම සිදුවේ.
  • Adaptive Vibration - දුරකථනය තබා ඇති පරිසරය, මතුපිට අනුව vibration වීමේ තීව්‍රතාව(Intensity) ස්වයංක්‍රීයව වෙනස් වීම.
  • Bluetooth Auto On - මෙය ක්‍රියාත්මක කර ඇති විට අප විසින් Bluetooth Off කර පසුව නැවත On කිරීම සිදු නොකළ හොත් පසුදින Bluetooth ස්වයංක්‍රීයව On වීම.

මීට අමතරව Camera එක හරහා අඩු ආලෝක තත්ව යටතේ ගන්නා ඡායාරුප වඩා හො​ඳ මට්ටමකට ගෙන ඒමත් තෙවන පාර්ශවීය Camera App සදහා වඩා හොදින් සහය දැක්වීම, චන්ද්‍රිකා සම්බන්තාවය හරහා wifi හෝ මොබයිල් සම්බන්ධතාවන්ගෙන් තොරව Messages හුවමාරුව, නව wallpaper editor එකක්, Volume control සහ Widget selector සදහා නව අතුරුමුහුනත් ලබා දීම ආදිය දැකගත හැකියි.

එමෙන්ම Android 15 සංවර්ධනය කරන අවධියේ ඒ සදහා "Vanilla Ice Cream" යන codename එක භාවිතා කර තිබෙනවා.

Source: blog.google