Loading...
Google Go ඇප් එක Play Storeහි downloads මිලියන 500 සීමාව පසු කිරීමට සමත් වේ

2017 දි Google සමාගම විසින් Google App එකේ Lite Version එකක් වෙන Google Search Lite App එක හදුන්වා දෙනු ලැබුවා. ඉන් පසු මේ Google Search Lite App එක Google Go නිමින් Android Go Edition එකට අනුකුලව Rename විම සිදු වුවා. 2017 වසරේ නිකුත් වු Lite Google Search App එක, එනම් වර්තමානයේ Google Go App එක මේ වන විට Downloads මිලියන 500 සිමාව පසුකර තිබෙනවා.

Android Go Edition එකට අනුකුලව එය මත ක්‍රියාත්මක වෙන Smart Phones වෙළදපොලට පැමිණිමත් සමග Google Go App එකත් එම Android Smart Phones සමගම Pre Install කර වෙළදපොලට නිකුත් කිරිම සිදු වුවා. මේ Google Go App එක ගැන බොහේ විට ඔබ අසා නොමැති වෙන්නේ බොහෝ Smart Phones සාමාන්‍ය Google App එක සමග Pre Install ලෙස නිකුත් වෙන නිසයි. එලෙස වුවද බොහෝ Android Devices වලින් අවශ්‍ය නම් සාමාන්‍ය Google App එක වෙනුවට Google Go App එක Install කර භාවිත කල හැකි වෙනවා.

2GB RAM එකක් සහිතව නිකුත් වෙන බොහෝ Smart phones Google Go Edition එකත් සමග නිකුත් වෙන බැවින් මෙලෙස Google Go App එකේ Downloads ප්‍රමාණය ඉහළ ගොස් තිබෙනවා. ඒ වගේම Google සමාගම විසින් ඉදිරියේදි Google Go Edition එකේ Downloads ප්‍රමාණය වැඩි වෙනු ඇතැයි බලාපොරොත්තු වි තිබෙනවා.

මේ Google Go App එක අඩු RAM හා Internal Storage සහිත Smart Phones සදහා පමණක් නොව ඕනැම Smart Phone එකක් සදහා Install කර භාවිතා කිරිමේ හැකියාව පවතිනවා. ඒ වගේම විශේෂයෙන්ම මේ Google Go App එක අඩු අන්තර්ජාලය සම්බන්ධතා ඇති ප්‍රදේශවල සදහා බෙහෙවින් ගැලපෙනු ඇත.

ඒ වගේම මේ App එක මගින් අඩු Data ප්‍රමාණයක් භාවිත කරමින් ඉතා ඉක්මනින් අපිට අවශ්‍ය Web Searching කිරිමේ හැකියාව ලබා දි තිබෙනවා. ඒ වගේම මේ Google Go App එක භාවිතා කිරිම මගින් සාමාන්‍ය Google App එක භාවිතයට වඩා අඩු Data ප්‍රමාණයක් භාවිත වෙනු ඇත. මෙය සාමාන්‍ය Google App එක ලබා දෙන සියලු Features ලබා දෙන අතර මෙහි Size එක වෙන්නේ 8MB පමණයි.

Source : Gizmochina