Loading...
iPhone 12 Mini දුරකථන පාරිභෝගිකයන් lock screen touch sensitivityහි ගැටළුවක් පිළිබඳ පැමිණිලි කරයි

Apple iPhone 12 lineup එක මෑතකදී ඉදන් තමා orders ship කරන්න පටන් ගත්තේ. ඉතින් ඒත් එක්කම iPhone usersලගෙන් චෝදනාවකුත් එල්ල වෙන්න පටන් අරගෙන තියෙනවා. Apple forums වල usersලා විශාල ප්‍රමාණයක් චෝදනා කරලා තියෙන්නේ iPhone 12 Mini device එකේ touchscreen එක සම්බන්ධ ගැටලුවක් ඇති බවයි.

මේ ගැන වැඩි දුරටත් විස්තර කරද්දී ඔවුන් පවසන්නේ, lock-screen එකේදී camera සහ flashlight පහසුකම් ක්‍රියාත්මක කිරීමේදී විතරක් නෙවේ, මහපට ඇගිල්ලෙන් swipe-up gesture එකෙන් device එක unlock කරද්දී පවා නිසියාකාරව එය සිදු නොවන බවයි. වැදගත් කාරනය තමා මහපට ඇඟිල්ල වෙනුවට වෙනත් ඇගිල්ලකින් එය සිදු කරන විට කිසි ගැටළුවක් නොමැති වීම. ඒත් one-handed use එකට specifically හදපු device එකකින් මේ ගැටළුව පැන නැගීම ප්‍රශ්නයක් වෙනවා.

කෙසේවෙතත් මේ ගැටලුව units කීයකට තියෙනවද කියන දේ නම් දැනට පැහැදිලි නෑ. ඒත් මේ ප්‍රශ්නය Apple web site එකට අමතරව Reddit සහ MacRumors වගේ forums වලටත් යොමු වෙලා තියෙනවා. ඒ වගේම usersලා කියන විදිහට මේ ප්‍රශ්නය සීමා වෙන්නේ lock-screen එකට විතරයි.

කෙසේ වෙතත් Appleලා මේ issue එක තවම පිලිඅරගෙන නැතත් මේ වෙද්දී මේ ගැටලුව ගැන දැනුවත් වෙලා ඉන්නවා කියල වාර්තා වෙනවා. ඒ වගේම දැනට මේ සඳහා කිසි විසදුමක් හොයාගෙනත් නෑ. ඉතින් නුදුරේදීම මේ ගැටලුවට හේතුව හොයාගත්තම අනිවාරෙන් Android වැඩකාරයො විසින් ඔයාලව දැනුවත් කරන්නත් බලාපොරොත්තු වෙනවා.

Source : MacRumors