Loading...
iPhone 13 දුරකතන මාලාව සඳහා Always-on display පහසුකම ලබාදීමට සූදානම් වන බවට තොරතුරු වාර්තා වේ

‌Apple සමාගම විසින් ඔවුන්ගේ නවතම iPhone 13 Series එලි දැක්වීමට මාසයක් වගේ කාලයක් තිබුනද මේ වන විටම එම දුරකතන මාලාව පිලිබඳ තොරතුරු විශාල වශයෙන් සංසරණය වන බව දක්නට පුලුවන්.

මේ නව iPhone 13 series එක පිළිබඳව නිකුත් වෙන තොරතුරුවලට අනුව මේ යටතේ දුරකතන 4ක් එළිදැක්වීමට නියමිත වෙනවා. එම දුරකතන iPhone 13 Mini, iPhone 13, iPhone 13 Pro හා iPhone 13 Pro Max ලෙස හදුන්වනු ඇතැයි බලාපොරොත්තු වෙන්න පුලුවන්. එමෙන්ම මේ iPhone 13 Series එක ඔස්සේ iPhone Usersලාට අලුත්ම Feature එකක් ලබා දෙන්න Apple සමාගම බලාපොරොත්තුවෙන් සිටින බවටත් තොරතුරු වාර්තා වෙනවා. ඒ Always On Display පහසුකමයි.

මේ නව iPhone 13 Series එක Apple සමාගමේ නවතම A15 Chipset එක මගින් බලගැන්වෙනු ඇති අතර මේ දුරකතන මාලාව සදහා 120Hz Refresh Rate එකකින් සමන්විත Display ලබා දෙනු ඇති බවටත් තොරතුරු වාර්තා වෙනවා.

Source : Macrumors, Tom's Guide