ශ්‍රී ලංකාවේ මාර්ග භාවිතා කරන සියලු දෙනාගේ ගමන් පහසුව සහ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම වෙනුවෙන්, මාර්ග සංවර්ධන අධිකාරිය Google Maps සමඟින් නව යාවත්කාලීන කිරීමක් ආරම්භ කර ඇති බව රජය නිල වශයෙන් නිවේදනය කර තිබෙනවා. මෙමගින්, රටේ ප්‍රධාන මාර්ග ජාලයේ කිලෝමීටර් 12,000ක කොටසක් හරහා මාර්ග තත්ත්වය පිළිබඳ නිශ්චිත අනතුරු ඇඟවීම් (Specific Condition Alerts) හයක් නිවරදිවම මාර්ග සoවර්ධන අධිකාරිය විසින් Google Map වෙත ලබා දීමට කටයුතු කරනවා.
මෙම නව තාක්ෂණික පහසුකම, ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා විසින් සිය X (පෙර Twitter) සමාජ මාධ්‍ය ගිණුම හරහා නිල වශයෙන් නිවේදනය කර ඇති අතර, එය දෙසැම්බර් මාසයේ නිවාඩු සමයේදී රියැදුරන්ට විශාල සහයෝගයක් වනු ඇතැයි අපේක්ෂා කරන්න පුලුවන්.
For all travelers in Sri Lanka! 🇱🇰
— Bimal Rathnayake (@BimalRathnayake) December 9, 2025
Starting today, Google Maps is updating the info on Main Roads(12000kms) with 6 specific condition alerts (e.g.lane closures, construction, etc.).
This will be a big help to plan your trips better, save time & avoid unexpected traffic! Check… pic.twitter.com/irzRrZpPQr
අමාත්‍යවරයාගේ නිවේදනය අනුව, මෙම යාවත්කාලීන කිරීම මඟින් රියැදුරන්ගේ ගමන් සැලසුම්වලට (Trip Planning) සෘජුවම බලපාන ආකාරයේ තොරතුරු ලබා ගත හැකි වනවා. ඒ මාර්ග කොටස් වසා දැමීම් (Lane Closures), ඉදිකිරීම් කටයුතු (Construction), අනෙකුත් බාධා කිරීම් ආදියයි.
මාර්ග සංවර්ධන අධිකාරිය සමඟ ක්‍රියත්මක වන මේ Google Maps පහසුකම දැනට නියමු ව්‍යාපෘතියක් ලෙස මේ වසර දෙසැම්බර් 31 වනදා දක්වා ක්‍රියාත්මක වනවා.









