Loading...
Removable Battery එකක් සහිත ජංගම දුරකථන නිෂ්පාදනය සඳහා යුරෝපා සංගමය නව නීති ගෙන එයි

2007 වස⁣රේදී නිකුත් වුණ ප්‍රථම iPhone එකත් සමඟ සෑම Smart Phone නිෂ්පාදකයෙකු මෙන්ම තම Smart Phonesවල පැවති Removable Battery එක වෙනුවට Non Removable Battery එකක් හඳුන්වා දීමට පෙළඹුණු අතරම මේ වන විට නිකුත් වන සෑම Smart Phone එකකම අඩංගු වන්නේ Non Removable Battery එකකුයි.

තවමත් Feature Phones Removable Battery එකක් සහිතව නිකුත් කිරීම සිදු වන අතර තවමත් බොහෝ දෙනා මේ පහසුකම, එනම් Battery එක Removable කිරීමේ හැකියාව Smart Phones සඳහා ද ලැබෙනු ඇති නම් ඒ සඳහා ඉතා කැමති වන බව නිසකයි. කෙසේ වෙතත් මේ ඔස්සේ Smart Phone එකේ Waterproofing පහසුකම, Thinner phones නිෂ්පාදනය කිරීමේ හැකියාව සහ හොද battery life එකක් ලබා දීමේ හැකියාව යම් තාක් දුරට අහිමිව යන බව දක්වන්න පුලුවන්.

කෙසේ වෙතත් යුරෝපා සංගමය විසින් Smart ජංගම දුරකථනයේ පරිශීලකයාටම Battery එක Replace කර ගැනිමේ හැකියාව, එනම් Smart Phones සඳහා මේ වන විට භාවිත වන Non Removable Battery එක වෙනුවට මීට පෙර භාවිත වුවා මෙන් Removable Battery එකක් හඳුන්වා දීම පිළිබඳව නව නීතියක් හඳුන්වා දීම පිළිබඳව කටයුතු කර ඇති අතර ඒ සඳහා ඒකමතිකව ඡන්දය හිමිවී තිබෙනවා.

මේ සඳහා ප්‍රධාන වශයෙන්ම හේතු වී තිබෙන්නේ මෙලෙස Non Removable Battery ජංගම දුරකථන සඳහා භාවිත කිරීම තුළින් Battery Life එක අවසන් වු පසු පරිශීලකයන් විසින් නැවත Battery Replace කිරීමෙන් තොරව නව ජංගම දුරකථන මිලදී ගැනිමට පෙළඹීම නිසයි. ඒ මෙලෙස Battery Replace කිරීම සඳහා සේවා මධ්‍යස්ථාන වෙත ගමන් කිරීමට සිදු විම සහ ඒ සඳහා සැළකිය යුතු පිරිවැයක් ද දැරිය යුතු වීම නිසයි.

මේ නව නීතිය ඔස්සේ Smart Phonesවල Battery එක Replace කිරීමට පුහුණුවක්, අමතර මෙවලම් හෝ සේවා ස්ථාන වෙත ගමන් කිරීමක් අවශ්‍ය වන ආකාරයට Smart Phones නිෂ්පාදනය කර අලෙවි කිරිම සිදු කළ නොහැකි වනවා. කෙසේ වුවත් මෙම නීති බලාත්මක වීමට යම් කිසි කාලයක් ගත වනු ඇති අතර අවම වශයෙන් තවත් වසර 04ක පමණ කාලයක් මෙම නීතිය බලාත්මක වීම සඳහා ගතවනු ඇත.

මෙම තීන්දුව යුරොපා සංගමයේ රටවල් සඳහා නිකුත් කරන Smart Phones සඳහා සෘජු බලපෑමක් ඇති කරවන අතර මෙය Smart Phones නිෂ්පාදන ක්ෂේත්‍රයේ යම් වෙනසක් සඳහාත් හේතු වනු ඇතැයි බලාපොරොත්තු වෙන්න පුලුවන්.

Sources: Europarl Androidpolice Gizchina