පසුගිය වසර අගොස්තු මාසයේදී වෙනස්ම Design Concept එකක් එක්ක නිකුත් වුණ Nothing Phone (1) ගැන ඔයා දැනටමත් දන්නවා ඇති. ඉතින් මේ Nothing Phone Series එකේ මීලග Device එක විදිහට Nothing Phone (2) එළඹෙන සැප්තැම්බර් මාසයේදී පමණ එළිදැක්විමට නියමිත බවට නිල වශයෙන් Nothing සමාගම විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
Premium.
— Nothing (@nothing) May 3, 2023
Phone (2) is coming summer 2023.
Sign-up for updates: https://t.co/FEJL4Jb2Aw pic.twitter.com/Nj8YONbYvm
මෙලෙස නිකුත් විමට නියමිතව ඇති Nothing Phone (2) Premium Device එකක් ලෙස වෙළෙඳපොළට නිකුත් කිරීමට ඔවුන් කටයුතු කරනු ඇති බවටත් Nothing සමාගම විසින් නිකුත් කර තිබෙන මෙම Twitter සටහන අනුව දක්වන්න පුලුවන්.
මේ Nothing Phone (2) බොහෝ දුරට Snapdragon 8 Plus Gen 1 Chipset එකෙන් බලගැන්වෙනු ඇති අතර මේ සඳහා 12GB RAM එකක් සමඟ Virtual RAM සහායත් ලබා දෙනු ඇතැයි බලාපොරොත්තු වෙන්න පුලුවන්. ඒ වගේම 120Hz Display Refresh Rate එකකින් සමන්විත Adaptive AMOLED Display එකක් හා 5000mAh Battery එකකිනුත් මේ Smart Phone එක සමන්විත වෙනු ඇතැයි බලාපොරොත්තු වෙන්න පුලුවන්.
Sources: Android Authority BGR